ඉන්දියාවෙන් මුල්ම සහල් තොගය ලංකාවට ඇවිත්

0
47


සඳුනි ගමාරච්චි

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරනු ලබන සහල් මෙටි්‍රක් ටොන් 40,000ක තොගයෙන්, ටොන් 11,000ක පළමු සහල් තොගය පසුගියදා කොළඹ වරායට ගෙනෙවිත් ඇත.

නාඩු සහල් ටොන් 7,000ක්, සම්බා සහල් ටොන් 2,000ක්, කැකුළු සහල් ටොන් 2,000ක් මෙම සහල් තොගයට ඇතුළත්ව තිබේ. ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් විසින් මෙම සහල් තොගය, ශ්‍රී   ලංකා රජය වෙනුවෙන් රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති යෝගා පෙරේරා මහතා ඇතුළු වෙළෙඳ අමාත්‍යාංශ නියෝජිතයන් පිරිසක් වෙත නිල වශයෙන් භාර දුන් බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේය. දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවි ශාඛා සහ සමුපකාර ප්‍රාදේශික හරහා සම්බා සහල් කිලෝවක් රු.130ක මිලටත්, නාඩු සහල් සහ කැකුළු සහල් කිලෝවක් රු.110කටත්, පාරිභෝගික ජනතාවට අලෙවි කෙරේ.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ තවත් සහල් තොගයක් ඉදිරි දිනවලදී මෙරටට ළඟා වීමට නියමිත අතර එම තොගයද රජයේ අලෙවිසල් ජාලය හරහා අවම මිල ගණන් යටතේ පාරිභෝගිකයාට කඩිනමින් ලබා දීමට නියමිත බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.