අගමැතිගේ ප්‍රකාශය තුළ බරපතළ දේශපාලන දඩයමක් තිබෙනවා

0
34


අනුරාධා හේරත්

අගමැති මහින්ද රාජපක්ෂගේ විශේෂ ප්‍රකාශය තුළ ගැබ්ව ඇත්තේ ආණ්ඩුව විසින් රට තුළ යම් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට දේශපාලන පක්ෂ දඩමීමා කරන බරපතළ ඉලක්කයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක “ඉරිදා මව්බිම’ට අවධාරණය කළේය. 

ජනතාවගේ විරෝධයට තිගැස්සී තිබෙන ආණ්ඩුව දේශපාලන ව්‍යාපාරවලට විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කොට අභූත චෝදනා එල්ල කරන බවත් විශේෂයෙන්ම 1988,1989 දශකවල සිදු වූ භීෂණවලට ජනතා විමුක්ති පෙරමුණේ නම ඇ¼දා ගනිමින් කරන අභූත චෝදනා රටේ තරුණ තරුණියන් ඇතුළු සමස්තය මේ මොහොතේ ඉතා හොඳින් වටහාගත යුතු බව ජවිපෙ නායකයා පෙන්වා දුන්නේය. 

ආණ්ඩුව ඉලක්ක කරන මේ විනාශකාරී ප්‍රචණ්ඩත්වයකට ඉඩ දිය යුතු නැති බවද ඔහු පැවැසීය.  ආර්ථික හා දේශපාලන අර්බුදයක් රට තුළ ඇති මොහොතේ ආණ්ඩුව මෙතෙක් කැබිනට් මණ්ඩලයක් පත්කර නැති අතර මන්ත්‍රිවරුන් පිරිසක් ස්වාධීන වෙමින් සිටින බවත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව ගෙදර යා යුතුයි යන ප්‍රධාන සටන් පාඨයෙන් යුතු අරගල රට පුරාම ක්‍රියාත්මක වන බවත් පැවැසූ දිසානායක මහතා සඳහන් කළේ දේශපාලන අර්බුදයෙන් ජනතාවට අත්‍යවශ්‍ය තෙල්,ගෑස්, විදුලිය කිසිවක් ලබා දීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බවය. 

බරපතළ  ආර්ථික අර්බුදයක් තිබියදී ඊට විසඳුම සහිතව වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කිරීමට තිබියදී අගමැති මහින්ද රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් කරමින් තව තවත් ඔවුන්ගේ අසමත් බව ඔප්පු කරමින් සිටින සේම ඒ අනුව පෙන්නුම් කරන්නේ අගමැතිගේ බියගුලුකමේ පැහැදිලි අ‍ෙ¼දා්නාවක් පමණක් බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.