Galle Face විරෝධතාවට එක්ව සිටි කලාකරුවෙක් මිය යයි

0
46

වත්මන් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන ලෙසට බල කරමින් ගාලු මුවදොර පිටියේ පැවත්වෙන විරෝධතාවට සහභාගි වී සිටි පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, රැප් ගායකයෙකු වන ෂිරාස් නමැති කලාකරුවෙකි.

වයස අවුරුදු 50ක් පමණ වන ඔහු ඊයේ රාත්‍රී 12.00ට පමණ විරෝධතාව පැවත්වෙන ස්ථානයේ ගීතයක් ගායනා කරමින් සිටියදී ඇද වැටී තිබේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, රැප් ගායකයා කොළඹ ජාතික රෝහලට ගෙන එන විට මිය ගොස් සිට ඇති බව ය.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇතැයි සැක කෙරෙන අතර අද (අප්‍රේල් 12) දිනයේදී මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරට ත් පැවසීය.

ඔහුගේ හදිසි වියෝව සම්බන්ධයෙන් කලාකරුවන් ද සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

මේ අතර විරෝධතාකරුවෝ සිව්වන දිනට ත් ගාලුමුවදොර පිටියේදී විරෝධතාවයේ නිරතව සිටිති.