“මේ ආණ්ඩුව බලයේ සිටි වසර තුනේ ම ජනතාවට අවුරුදු කන්න බැරි වුණා”

0
30

මෙවර අලුත් අවුරුද්දේ ග්‍රහ මාරු සිදුවන්නේ දූෂිත කණ්ඩායම පළවා හැර නව කණ්ඩායමක් රට භාර ගැනීමෙන් අනතුරුව බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් ‘මව්බිම’ ට පැවසීය.

මීන රාශියෙන් මේෂ රාශියට සුබ නැකැතින් කෙරෙන ග්‍රහ මාරුව සැබෑ ලෙස ම සිදුවිය යුත්තේ රට කෑ අසුබ කණ්ඩායම පළවා හැර සුබ කණ්ඩායමක් රටේ අනාගතය භාර ගැනීමෙන් පමණක්  බවත් මේ වන විට තරුණ, තරුණියන් ඇතුළු සියල්ලගේ අරගලයෙන් එය ශක්තිමත් වෙමින් පවතින බව ද මන්ත්‍රීවරයා කීය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු ඉකුත් වූ වසර තුනෙන් එක් වසරක හෝ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව උදානොවුණු බව ත් හේරත් මහතා පැවසීය. 

පාස්කු ප්‍රහාරය, ඊට පසු කොවිඩ් වසංගතය මෙන් ම මේ වසරේ දේශපාලන හා ආර්ථික අර්බුදය හේතුකොටගෙන එම සැමරුම් නවතා දැමීමට ජනතාවට සිදු වූ බව ඔහු පෙන්වා දුන්නේ ය. 

එම නිසා මේ මොහොතේ කුඩුකාරයන්ට  සල්ලි බෙදා ආණ්ඩුව රැකගැනීමට පොඩි පොඩි අරගල කිරීමෙන් කිසිදු ආකාරයකට වත්මන් ආණ්ඩුව යථා තත්ත්වයට පත් වනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව පැවැසූ විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවැසුවේ රටේ තරුණ, තරුණියන් විශාල පිරිසක් මේ වනවිටත් ගාලු මුව‍ෙදාර හරහා කරන අරගලය කුඩා කුඩා කණ්ඩායම් යොදා නවතා දැමීමට නොහැකි බව ආණ්ඩුව අවබෝධ කරගත යුතු බව ද හෙතෙම වැඩිදුරට ත් සඳහන් කළේ ය.