ඉන්ධන ගබඩා කර වැඩි මිලට විකුණූ පුද්ගලයෙක් අත්අඩංගුවට

0
30

නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර වැඩි මිලට විකිණීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ (අප්‍රේල් 11) දහවල් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වත්තල පොලිසිය සිදු කළ වැටලීමකදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව ය.

අදාළ සැකකරු පෙට්‍රල් ලීටර් 30 මිලිලීටර් 750ක් සමග අත්අඩංගුවට ගෙන වත්තල පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 71ක් වන හැඳලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.