IPL 2022: පෙරමුණේ සිටින කණ්ඩායම් 4

0
190

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (IPL) මේ වන විට තරග 20ක් පවත්වා තිබේ.

ඒ අනුව, මේ වන විට ඉදිරියෙන් ම සිටින කණ්ඩායම වන්නේ, සහභාගි වූ තරග 4න් 3ක් ජයගෙන ඇති රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම යි.

තරග 5කින් 3ක් ජයගෙන සිටින කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවේ.

තුන් වන ස්ථානය හිමි වී ඇත්තේ, සහභාගි වූ තරග 3 ම ජය ගැනීමට සමත්වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ය.

වනිඳු හසරංග ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට සිව් වන ස්ථානය හිමි වී තිබේ.

ඔවුන් සහභාගි වූ තරග 4න් 3ක් ජයගෙන ඇත.

මීට පෙර අවස්ථාවලදී ශූරතාව දිනා ගත් චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් වාර්තා නොකිරීම විශේෂත්වයකි.