“මචං මම උඹලට ආදරෙයි!”: බ්‍රිතාන්‍යයේ හොඳ ම නළුවා හිරාන් අරගලයට ජය පතයි (VIDEO)

0
61

ලෝක ප්‍රකට 2022 ලෝරන්ස් ඔලිවියර් සම්මාන උළෙලේ හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු වන හිරාන් අබේසේකර සමත් විය.

එංගලන්තයේ, ලන්ඩන් නුවර රෝයල් ඇල්බර්ට් ශාලාවෙහි පැවති මෙම සම්මාන උළෙලේදී ඔහු මෙම සම්මානය දිනා ගත්තේ, යාන් මාර්ටෙල් විසින් රචිත ‘ලයිෆ් ඔෆ් පයි’ නවකතාවේ වේදිකා අනුවර්තනය වෙනුවෙනි.

‘ලයිෆ් ඔෆ් පයි’ වේදිකා නාට්‍යය ලොලිතා චක්‍රබෝර්තිගේ නිර්මාණයකි.

සම්මානය ලබා ගත් අවස්ථාවේදී හිරාන් අබේසේකර සම්මාන උළෙල අමතමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනතා අරගලයට සහය පළ කිරීමට ද අමතක නොකළේ ය.

“මගේ රට ශ්‍රී ලංකාව, (ඔවුන්) මේ වෙද්දී අමාරු කාලයක් ගත කරමින් ඉන්නේ. මම ඔබ ගැන හිතනවා. මට ඔබ සමග එහි සිටියා නම් හොඳයි කියලා හිතෙනවා. මචං මම උඹලට ආදරෙයි. ජය වේවා..!”

“…සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා,” ඔහු සිය ස්තූති කතාව අවසන් කළේ ය.

36 හැවිරිදි හිරාන් කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ඔලිවියර් සම්මාන උළෙල බ්‍රිතාන්‍ය වේදිකා නාට්‍ය කලාවේ ඉහළ ම ගෞරවය ලෙස ජාත්‍යන්තරව පිළිගනු ලබන අතර චිත්‍රපට සහ රූපවාහිනිය සඳහා වන BAFTA සම්මාන සහ සංගීතය සඳහා වන BRIT සම්මානවලට සමාන වේ.

එමෙන් ම, ඔලිවියර් සම්මාන බ්‍රෝඩ්වේ ටෝනි සම්මාන සහ ප්‍රංශයේ මොලියර් සම්මානවලට ද සමාන ලෙස සැලකේ.

ඔලිවියර් සම්මාන, ලන්ඩනයේ වෘත්තීය රංග කලාවේ විශිෂ්ටයන් ඇගයීම සඳහා ලන්ඩන් රඟහල සංගමය විසින් වාර්ෂිකව පිරිනමනු ලැබේ.

ලෝක ප්‍රකට 2022 ලෝරන්ස් ඔලිවියර් සම්මාන උළෙලේ හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු වන හිරාන් අබේසේකර සමත් විය.

එංගලන්තයේ, ලන්ඩන් නුවර රෝයල් ඇල්බර්ට් ශාලාවෙහි පැවති මෙම සම්මාන උළෙලේදී ඔහු මෙම සම්මානය දිනා ගත්තේ, යාන් මාර්ටෙල් විසින් රචිත ‘ලයිෆ් ඔෆ් පයි’ නවකතාවේ වේදිකා අනුවර්තනය වෙනුවෙනි.

‘ලයිෆ් ඔෆ් පයි’ වේදිකා නාට්‍යය ලොලිතා චක්‍රබෝර්තිගේ නිර්මාණයකි.

සම්මානය ලබා ගත් අවස්ථාවේදී හිරාන් අබේසේකර සම්මාන උළෙල අමතමින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනතා අරගලයට සහය පළ කිරීමට ද අමතක නොකළේ ය.

“මගේ රට ශ්‍රී ලංකාව, (ඔවුන්) මේ වෙද්දී අමාරු කාලයක් ගත කරමින් ඉන්නේ. මම ඔබ ගැන හිතනවා. මට ඔබ සමග එහි සිටියා නම් හොඳයි කියලා හිතෙනවා. මචං මම උඹලට ආදරෙයි. ජය වේවා..!