ගාලු මුවදොර විරෝධතා අඛණ්ඩව තෙවන දිනට ත්: විරෝධතාකරුවන්ගෙන් Google සිතියමට අලුත් ගමක්

0
51

රට තුළ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයට සහ වත්මන් ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කරමින් ආරම්භ කළ සමකාමී විරෝධතා අඛණ්ඩව තෙවන දිනට ත් ගාලු මුවදොර පිටියේ පැවත්වෙන බව පොලිසිය කියයි.

කොටුව පොලිසිය සඳහන් කළේ, අද උදෑසන 200ත් 300ත් අතර පිරිසක් සිටින බව ත් තවත් පිරිසක් තාවකාලික කූඩාරම් ඉදිකර එම ස්ථානයේ රැඳී සිටින බව ත් ය.

විරෝධතාකරුවන් සඳහා තාවකාලික වැසිකිළි පහසුකම් සහ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන ද ඉදි කර ඇති අයුරු දැක්වෙන ඡායාරූප සාමාජ මාධ්‍ය හරහා සංසරණය විය.

පෙරේදා (අප්‍රෙල් 9) පෙරවරුවේ ආරම්භවූ විරෝධතාවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව සහභාගි වී තිබිණි.

පෙරේදා දිනයේ සහ ඊයේ දිනයේදී ඇද හැළුණු වාර්ෂාව ද නොතකා විරෝධතාකරුවන් ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට සහ වත්මන් ආණ්ඩුවට එරෙහිව සිය විරෝධය පළ කළහ.

අදාළ විරෝධතා සඳහා ශිෂ්‍යයින්, වෘත්තිකයින්, සමාන්‍ය ජනතාව ඇතුළු සිවිල් සංවිධාන සහභාගි වී සිටියහ.

මේ අතර, ජනාධිපති කාර්යාලය අසල විරෝධතාකරුවන් සඳහා වෙන් කර ඇති ස්ථානය “ගෝඨාගෝගම” යන නමින් විරෝධතාකරුවන් විසින් නම් කර ඇති අතර එය ගූගල් මැප් සේවාවට ද ඇතුළත් කිරීමට ඔවුන් කටයුතු කර ඇත.