“ආර්ථික අර්බුදය හමුවේ දරුවන්ගේ ජීවිත ත් අනතුරේ…” – ළමා රෝග විශේෂඥයෝ

0
33

රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ දිවයින පුරා ඇති ළමා රෝග ඒකකවල සුමට ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බව ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා ළමා රෝග වෛද්‍ය විශේෂඥයින්ගේ විද්‍යායතනය සඳහන් කර ඇත්තේ, මෙම තත්ත්වය තව ත් උග්‍ර වනු ඇති බවට ආර්ථික විශේෂඥයින් අනාවැකි පළ කර ඇති බව ය.

ඒ අනුව, මෙරට දරුවන්ගේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය අවශ්‍යතා සහතික කිරීම සඳහා ඖෂධ සහ පරිභෝජන ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලෙස ඔවුන් විදෙස්ගත ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලා තිබේ.

අදාළ ලිපිය පහතින් දැක්වේ.