ඇමතිකම් පෙන්වා ජනපති කළ ඇරයුම ගැන සජබ ප්‍රතිචාරය

0
38

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව සමග කිසිදු එකඟතාවක් හෝ ආණ්ඩුකරණයකට සමගි ජන බලවේගය කිසි විටෙක ත් සූදානම් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ, අද (04) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ය.

ආණ්ඩුව පළවා හැරීම සඳහා සමගි ජන බලවේගය සූදානම් බව ද ඔහු පැවසීය.

“ඒ හැර දූෂිත ආණ්ඩුව සමග කරන ඩීල් දේශපාලනය කිසි විටෙක ත් සමගි ජන බලවේගයෙන් සිදු නොවන,” බව ත් ඔහු සඳහන් කළේ ය.