ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකුවට?: ධම්මික පෙරේරා මුදල් අමාත්‍යංශයට?

0
150
Nandalal Weerasinghe Dhammika Perera

ඉෂාර ගමගේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ළඟදී ම පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර, නව මුදල් අමාත්‍යවරයා ලෙස හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි පත් කර ඇති අතර මුදල් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ධමිමක පෙරේරා මහතා පත් කිරීමට ද යෝජනා වී තිබේ.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (අප්‍රේල් 4) සිය අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබිණි.

ඒ අනුව, මුදල් මණ්ඩලයේ සාමාජික සංජීව ජයවර්ධන හැර සෙසු සාමාජිකයින් නුදුරේදී ම මුදල් මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වීමට නියමිත ය.