Will Smith ගේ කනේ පහරින් රත් වූ ඔස්කාර් සැණකෙළිය

0
128

‘Sian Heder’ විසින් අධ්‍යක්ෂණය කළ ‘CODA’ සිනමා පටය 94 වැනි ඇකඩමි සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තා. හොඳම අනුවර්තන තිරපිටපත් රචනයට හිමි සම්මානය ද තමන් සතු කරගත් ‘CODA’ කියන්නේ ‘The Belier Family’ නම් නවකතාවේ අනුවර්තනයක්. ඒ වගේම ‘Troy Kostur’ විසින් හොඳම සහාය නළුවා සම්මානය ද ලබාගත්තේද ‘CODA’ වෙනුවෙනි.


සිය රංගනය වෙනුවෙන් ඇකඩමි සම්මානයක් හිමිකර ගත් ලොව පළමු ශ්‍රවණාබාධිත නළුවා ලෙසද ‘Troy Kostur’ ඉතිහාසගත වීමද මෙවර ඔස්කාර් උළලේ කැපීපෙනෙන සිදුවීමක් විය.
මෙවර සම්මාන ඇකඩමි සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානය දිනාගනු ලැබුවේ Dame Elizabeth Jane Campion විසිනි.

නවසීලන්තික අධ්‍යක්ෂවරියක් වන ඇය චිත්‍රපට නිෂ්පාදිකාවක් මෙන්ම තිර පිටපත් රචිකාවක් ලෙසද ප්‍රසිද්ධයි. ඇකඩමි ඉතිහාසයේ දෙවරක් නිර්දේශ වූ ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසගත වූ Jane Campion මේ දිනාගනු ලැබුවේ ඇයගේ දෙවැනි ඇකඩමි සම්මානයද වෙනවා. Jane ගේ පළමුවැනි ඇකඩමි සම්මානය වූයේ 1994දී The Piano චිත්‍රපටය වෙනුවෙන් හොඳම තිරපිටපත් රචනය සඳහා වූ ඇකඩමි සම්මානයයි.


King Richard චිත්‍රපටය වෙනුවෙන් Will Smith මෙවර ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය දිනා ගත්තා. මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේද හොඳම නළුවා සම්මානය Will Smith දිනා ගත් අතර ඔහුගේ ප්‍රබල ප්‍රතිවාදියා වුණු Benedict Cumberbatch අතර තියුණු තරගයක් තිබුණු බව නොරහසක්.
තමන්ගේ බිරියගේ මුඩු හිස ගැන උපහාසාත්මක ලෙස නිවේදන කටයුතු කළ Chris Rock නම් විකට නළුවාට පහරදුන් සිදුවීමක් නිසා උළෙලේ උණුසුම ටිකක් වැඩි වුණා.

පහරදීමෙන් අනතුරුවත් ප්‍රවේගකාරී ලෙස smith ගේ ක්‍රියාකලාපය ගැන අමුත්තන් හිටියේ නොසතුටින්ද මන්දා!
නමුත් සම්මානය ලබාගැනීමත් එක්ක ඉතාමත් සංවේදී වූ Will Smith විසින් ඔහුගේ හැසිරීම ගැන සමාව ඉල්ලා සිටියා.


“මම සමාව ඉල්ලා සිටිනවා Academy එකෙන්, මම සමාව ඉල්ලා සිටිනවා මගේ අනිත් නිර්දේශලාභීන්ගෙන්. මෙය ඉතාමත් ලස්සන අවස්ථාවක් සහ මම අඬන්නේ සම්මානය දිනපු නිසා නෙවෙයි. එය මම සම්මානය දිනා ගැනීම නිසා නොවෙයි කලාව, ජීවිතය අනුකරණය කරනවා. මාව පේන්නේ හරියට පිස්සු තාත්තා කෙනෙක් වගේ හරියටම Richard Williams වගේ… නමුත් ආදරය ඔබව පිස්සු දේවල් කරන්න යොමු කරන්න පුළුවන්.”
“I want to apologize to the Academy, I want to apologize to all my fellow nominees. This is a beautiful moment, and I am not crying for winning an award. it’s not about winning an award for me, Art imitates life. I look like the crazy father, just like Richard Williams…but love will make you do crazy things.”
ඒ වගේම Will මුලින්ම කියනවා Denzel Washington ඔහුට මෙසේ කීවා කියලා,
“ඔබගේ ඉහළම අවස්ථාවේදී, ප්‍රවේශම් වෙන්න, එවිට තමයි යක්ෂයා ඔබ වෙත එන්නේ” “At your highest moment, be careful, that’s when the devil comes for you.”


Oscar සම්මාන උළෙලේ වූ සිදුවීම එක්ක Will Smith පුවත් මවන්නට සමත් වුණා කීවොත් නිවැරැදියි. කෙසේ නමුත් මේ ප්‍රකාශයත් එක්ක මුළු ඛ්පධඹඤ එකම නැඟිටලා එඪතත ඉථඪබඩට අත්පොළසන් දෙන්න පටන් ගත්තා. ඇත්ත තමයි. ආදරය ඔබව පිස්සු දේවල් කරන්න පොලඹවන්න පුළුවන්. ඉතින් කොහොම හරි විවිධාකාර නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වූ මේ විශිෂ්ට හොලිවුඩ් රංගන ශිල්පියා අවසානයේදී Oscar සම්මානයක් දිනා ගැනීමට සමත් වෙනවා.
ඔහුට සුබ පැතුම් එක් කරන ගමන්, ඒ වගේම තවත් ගොඩදෙනෙක් මඟබලාගෙන හිටපු Andrew Garfieldට මේ සම්මානය දිනා ගැනීමට නොහැකි වුණත් ඔහුට ඉදිරියේදී තවත් අවස්ථාවක් ලැබේවා ලෙසද අපි ප්‍රාර්ථනා කරමු.


The Eyes Of Tammy Faye චිත්‍රපටයේ රඟපෑ Jessica Chastain නම් ඇමෙරිකානු නිළිය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියට ලෙස තේරී පත්වුණා. ඇයගේ පළමු ඇකඩමි සම්මානය මෙය වන අතර ඇය ගෝල්ඩන් ග්ලෝබ් ඇතුළු සම්මාන රැසක් දිනා සිටින දක්ෂ නිළියක්.


Ariana DeBose හොඳම සහාය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූයේ Steven Spielbergවිසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ West Side Story නම් චිත්‍රපටය වෙනුවෙනි. මේ චිත්‍රපටය හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණ හා හොඳම කැමරාකරණය වැනි ප්‍රධාන සම්මාන කිහිපයකටම නිර්දේශ වී තිබුණත් දිනාගැනීමට හැකි වූයේ මෙම සම්මානය පමණි.


BELFAST චිත්‍රපටය වෙනුවෙන් Kenneth Branagh විසින් හොඳම මුල් තිරපිටපත් රචනය වෙනුවෙන් වූ ඇකඩමි සම්මානය දිනා ගනු ලැබුවා. ඔහු ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂවරයකු සේම අතිදක්ෂ නළුවකු ලෙස නමක් රඳවාගෙන සිටීමත් කැපීපෙනෙන කාරණාවක්.


මෙවර සම්මාන උළෙලේ කැපීපෙනෙන චිත්‍රපටය වූයේ DUNE චිත්‍රපටය කිවහොත් මම නිවැරැදි කියලා මම හිතනවා. මොකද කිව්වොත් සම්මාන උළෙලේ සම්මාන 6ක්ම ගෙදර ගෙනියන්න DUNE චිත්‍රපටය සමත් වුණා. ඒවා පිළිවෙළින් හොඳම සංගීතය වෙනුවෙන් Hanz zimmer, හොඳම දෘශ්‍ය ප්‍රයෝග (VFX)වෙනුවෙන් වූ සම්මානය, හොඳම කැමරාකරණය (Cinematography) වෙනුවෙන් Greig Fraser ද, හොඳම චිත්‍රපට සංස්කරණය වෙනුවෙන් Joe Walker ද, හොඳම නිෂ්පාදන නිර්මාණය වෙනුවෙන් Patrice Vermette සහ Zsuzsi Sipos ද හා හොඳම ශබ්ද සංකලනය වෙනුවෙන් වූ සම්මාන DUNE චිත්‍රපටය විසින් දිනාගනු ලැබුවා.


හොඳම විදේශීය චිත්‍රපටය එහෙමත් නැතිනම් හොඳම විදේශීය චිත්‍රපටය ලෙස ජපන් චිත්‍රපටයක් වුණු Drive My Car චිත්‍රපටය විසින් දිනාගනු ලැබුවා. මෙය මෙවර ඇකඩමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සඳහා ද නිර්දේශ වී තිබූ අතර Ryusuke Hamaguchi ගේ අධ්‍යක්ෂණයකි.


හොඳම පරිගණක සජීවීකරණ චිත්‍රපටය වෙනුවෙන් Encanto චිත්‍රපටය විසින් සම්මානය හිමිකරගත් අතර හොඳම ශබ්ද සංකලනය වෙනුවෙන්ද Encanto චිත්‍රපටය නිර්දේශ වී තිබීම ද විශේෂත්වයක් වන අතරම මෙය ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී හොඳම පරිගණක සජීවීකරණ චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වුණා.
වසරේ විශිෂ්ටතම චිත්‍රපට ගීතය ලෙස ජේම්ස් බොන්ඩ් ක්‍රියාදාම චිත්‍රපටයක් වූ No Time To Die චිත්‍රපටය වෙනුවෙන් නිපදවූ No Time To Die. ගීතය වෙනුවෙන් Billie Eillish සහ FINNEAS විසින් සම්මානය ලබාගනු ලැබුවා.


හොඳම පරිගණක සජීවකරණ කෙටි චිත්‍රපටය සඳහා The Windshield Wiper නම් කෙටි චිත්‍රපටය ද, හොඳම වාර්තාමය කෙටි චිත්‍රපටය වෙනුවෙන් The Queen Of Basketball චිත්‍රපටය ද, හොඳම වාර්තාමය චිත්‍රපටය වෙනුවෙන් පිදෙන සම්මානය Summer Of Soul චිත්‍රපටය ද, හොඳම ඇ¾දුම් නිර්මාණය සඳහා Cruella චිත්‍රපටය හා හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තර නිර්මාණය සඳහා වූ සම්මානය The Eyes Of Faye චිත්‍රපටය විසින් දිනාගනු ලැබුවා.

චිත්‍රපට විචාරකයන් හා ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු විටෙක සඵල කරමින් හා විටෙක විනාශ කරමින් මෙවර ඇකඩමි සම්මාන බෙදී ගියා කිව්වොත් නිවැරැදියි. මොකද බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණු විධියටම Will Smith හොඳම නළුවා සම්මානය ගෙදර අරන් යද්දි හොඳම චිත්‍රපටය සම්මානය ජයග්‍රහණය කරයි යැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණු චිත්‍රපට පසු කරමින් CODA චිත්‍රපටය එම සම්මානය ජයග්‍රහණය කරනු ලැබුවා.


රමෝද් ජයවර්ධන