විද්‍යුත් ලෝකය කලඹන Bitcoin සල්ලි

0
165

cryptocurrency යනු කුමක්ද?
cryptocurrency කියන එකේ අර්ථකථනය තමයි සුරක්ෂිත වෙළෙඳාම සහ හිමිකාරීත්වය සක්‍රිය කරන පරිගණක ජාලකරණ මෘදුකාංග භාවිතයෙන් නිර්මාණය කරන ලද ඩිජිටල් වත්කම් කියන එක. මේ ක්රිප්ටොකරන්සි කියන නම හැදෙන්නේ cryptocurrency ක්‍රියාවලිය කියන මෘදුකාංග ඉන්ජිනේරුවන් විසින් අන්තර්ජාලය තුළ තියෙන දත්ත ආරක්ෂා කිරීම සඳහා යොදන ක්‍රියාවලියක් නිසා. මේ ක්‍රියාවලිය Data Encrypting කියලත් හැඳින්වෙනවා. ඒ විධියට වෙනත් පුද්ගලයන්ට හැක් කිරීම හෝ සොරකම් කිරීම මඟින් ලබාගත් නොහැකි විදියට ක්‍රමලේඛගත වුණු මුදල් ඒකකයන්වලට තමයි cryptocurrency කියලා කියන්නේ.


cryptocurrency එහෙම නැත්නම් ඊට අදාළ මුදල් ඒකකයක් වෙන Bitcoin කියන මේ දේවල් සේරම පවතින්නේ ඡතධජඬ ජඩචඪද කියලා හැඳින්වෙන ජාලයක් මත. ඒ තුළ ගනුදෙනු පිළිබඳව වාර්තා ගොනු පවත්වාගෙන යෑමේ තාක්ෂණක් තියෙනවා. ඒ කියන්නේ මේක කලින් අයිතිවෙලා තිබුණෙ කාටද දැන් අයිති වෙලා තියෙන්නෙ කාටද අන්න ඒ විදියට මේ මුදල් ඒකකය ගැන සියලු වාර්තාවන් ඒ මුදල එක්කම අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසයි කිසිම කෙනෙක්ට අලුතින් මේ මුදල් ඒකකය නිර්මාණය කරන්න හෝ වෙනත් අයකු සතුව පවතින Bitcoin වටිනාකමක් සොරකම් කරන්න බැරි වෙන්නේ.

විශේෂත්වය තමයි මේ cryptocurrency බැංකුවක් හෝ රජයක් වැනි මධ්‍යම අධිකාරියකින් තොරවයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ cryptocurrency කියන එකෙන් මුළුමනින්ම අන්තර්ජාලය ඔස්සේම ක්‍රියාත්මක වෙන ඩිජිටල් මුදල් වර්ගයක් සෑදීමට දැරූ ප්‍රයත්නය සාර්ථක වෙලා තියෙනවා. එයින් මිනිසුන්ට තමන්ගේ වත්කම් අන්සතු, වීම ඒ වගේම මුදල් අච්චු ගැසීම නිසා ඇතිවන උද්ධමනය සහ එකම මුදල දෙවරක් පාවිච්චි කිරීම වගේ දේවල් වැළකිලා තියෙනවා.


අපි තවමත් ඉන්නේ කාසි හා නෝට්ටු මූලික වෙච්ච සමාජයක නිසා මේ ඩිජිටල්කරණය වූ මුදල් කියන අදහස ගොඩක් අයට තේරුම් ගන්න අපහසුයි. ඒක මේ විදිඩට තේරුම් ගන්න පුළුවන්. අවුරුදු ගණනාවකට කලින් අපි මුදල් ගෙවන්න, භාණ්ඩ මිලදී ගන්න පාවිච්චි කළේ කාසි සහ නෝට්ටු විතරයි. එතැන තිබුණ ගැටලුව වුණේ හැමවිටම සජීවීව එක් අයකුගෙන් තවත් අයකුට ඒ මුදල අතින් අතට ලබාදිය යුතු වීම. කාලයත් එක්ක චෙක්පත් කියලා ක්‍රමයක් ආවා. ඒකෙදි මුදල්මය වටිනාකම අස්සන් කරපු චෙක් පතකට ලබාදෙනවා.

ඒ අදාළ වටිනාකම ලබාගන්නාට බැංකුව හරහා ලබාගන්න පුළුවන්. මේත් එක්කම ගිණුම් හරහා මුදල් සංසරණය කිරීම, කේ‍රඩිට්, ඩෙබිට් කාඩ් කියන තාක්ෂණයන් ආවා. එතැනදී අර සජීවීව කරගන්න වුණ මුදල් ගනුදෙනු ජංගමව බැංකු හරහා සහ ATM යන්ත්‍ර හරහා කරගන්න පුළුවන් තැනට දියුණු වුණා. ඒ වගේම අද වෙද්දී ඒක මොබයිල් ඇප් එකකින් ගනුදෙනු කිරීම දක්වාම දියුණු වෙලා තියෙනවා.

මෙතැනදි මුදල් වෙනුවට ගිණුම් අතර සංසරණය වෙන්නේ ඉලක්කම්. කෙනෙක් තව කෙනකුගෙ ගිණුමකට මුදල් යවනවා කියලා කරන්නේ ඒ මුදලට සමාන වටිනාකමකින් යුත් ඉලක්කම් සංඛ්‍යාවක විද්‍යුත් වටිනාකමක් ඒ ලබන්නාගේ ගිණුමේ තැන්පත් වෙන එක. අපි ඒක බැංකුවක් හරහා ලබා ගනිද්දී වෙන්නේ ඒ අදාළ සංඛ්‍යාත්මක වටිනාකමට සරිලන මුදල් නෝට්ටු අපට ලබාදෙන එක.

මේ නිසා අපි අද පාවිච්චි කරන්නේ දෙමහුම් මුදල් ඒකකයක්. ඒක කාසි, නෝට්ටුවලින් ලබාගන්න පුළුවන් වගේම ඩිජිටල් අංක ඔස්සේ වුණත් සංසරණය කරන්න පුළුවන් දෙයක් කියන දේ මෙතැනදි තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ මුදල් හෝ වටිනාකම් හැමවිටම බැංකු, පුද්ගලයන් හෝ ආයතන සතු වෙනවා. Bitcoin කියන්නේ මේ විදිහට දෙමහුම්ව ක්‍රියාත්මක නොවෙන මුළුමනින් අන්තර්ජාලය ඔස්සේ පමණක් සංසරණය වෙන මුදල් ඒකකයක්.


අන්තර්ජාලය තුළ සංසරණය වෙන නිසා මේ Bitcoinඅපිට භෞතිකව ලබාගන්න බෑ. රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වැනි තවත් මුදල් ඒකකයක් වුවත් Bitcoin වල හැසිරීම පාලනය කිරීමට බැංකුවක්, පුද්ගලයෙක් හෝ ආයතනයක් නෑ. ඒ නිසා මුදල් ඒකකය කිසිදු ආධිපත්‍යයකින් තොර මුළුමනින්ම ස්වාධීන මුදල් ඒකකයක්. ඒ වගේම බිට්කොයින් නිර්මාණය වෙන්නේ දිනෙන් දින වැඩිවන මුදල් අවශ්‍යතා සහ උද්ධමනය පාලනය කිරීම සඳහා. මේ Bitcoin එයටම අනන්‍ය වූ ජාලයක් තුළයි සැරිසරන්නේ. ඒ ජාලය තමයි ඉහතදි පැහැදිලි කරලා තියෙන Block chain කියලා හඳුන්වන්නේ. ඒ වගේම මේ මුදල් වර්ගය පරිහරණය කරන්න පුළුවන් ඒ ජාලය තුළ ඉන්න පරිශීලකයන්ට විතරයි.


ආරම්භ කළේ කවුද?
Bitcoin පිළිබඳව ප්‍රථම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ සතොෂි නකමොටෝ (Satoshi Nakamoto)) නම් මෘදුකාංග ඉන්ජිනේරුවරයා විසින්, මෙය අන්තර්ජාලයෙන් ගනුදෙනු කළ හැකි මුදල් ඒකකයක් ලෙස 2009 වර්ෂයේදී හ¾දුන්වා දෙන ලද අතර මේ බිට්කොයින් හි මූලික අරමුණ වෙන්නේ, පාලනාධිකාරියකට යටත් නොවී මුදල් භාවිත කිරීම.


Bitcoin මෘදුකාංග පිටපත් කළ නොහැකිද?
මේ Bitcoin හොරෙන් අච්චු ගහන්න හෝ වැඩිපුර අච්චු ගහන්නවත් බෑ වගේම කාටවත් කොමිස් හෝ කුට්ටි යැයි කියමින් මේ මුදල් වංචනික විදියට ගසාකන්න බෑ කියන එක. ඒ ලෝකයේ අවධානය දිනා ගත් මේ ඩිජිටල් මුදල් වර්ගය ඉතා සංකීර්ණ මෘදුකාංගයක් වීම හේතුවෙන් පිටපත් කිරීම සහ ව්‍යාජ ලෙස නිපදවීම කිසි ලෙසකින්වත් සිදු කළ නොහැකි යැයි කියන නිසා. ඒ වගේම Bitcoin පිළිබඳව උනන්දුවක් දක්වන ලොව පුරා පරිගණක විද්‍යාඥයන් සහ තොරතුරු ආරක්ෂණ විශේෂඥයන් මෙය ක්‍රියාත්මක වන Bitcoin source code ජාලය පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසු වන බව වාර්තාවල සඳහන් වෙනවා.


ඒ කොහොම වුණත් පසුගිය සතියේ ස්ලෝවේනියානු Bitcoin ජාලයකට අනවසරයෙන් ඇතුළු වූ හැකරුන් Bitcoin 4,700ක් සොරා ගෙන ඇති අතර එහි වටිනාකම ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක් පමණ වන බවට වාර්තා වෙනවා. මෙම මහා සොරකම මඟින් Bitcoinවල වටිනාකම පහළ වැටිය හැකි බවට අනාවැකි පළ වුවත්, ඉන් අනතුරුවත් දිනෙන් දින එහි අගය ඉහළ යෑම පිළිබඳව ලොව ආර්ථික විශේෂඥයෝ විස්මය පළ කරනවා.


Bitcoin සතු දිනෙන් දින වැඩිවන වටිනාකම සහ සුරක්ෂිතතාව සහ කිසිදු ආධිපත්‍යයකින් තොර වීම නිසා ව්‍යාපාරිකයන් ශීඝ්‍රයෙන් මේ Bitcoinවෙනුවෙන් ආයෝජනය කරන්න පෙලඹෙමින් සිටිනවා. ඒ නිසා මෙය ව්‍යාපාරික ලෝකයේ නවතම ආයෝජන රැල්ල ලෙසද හ¾දුන්වා දෙන්න පුළුවන්.


ගබඩා කරන්නේ කෙසේද?
එදිනෙදා සිදුකෙරෙන මූල්‍යමය ගනුදෙනු පිණිස අවශ්‍ය මුදල් අප බොහෝ විට රඳවා තබා ගන්නේ පසුම්බිය හෝ සේප්පු, බැංකු වැනි සුරක්ෂිත ස්ථානවල වුණත් මුදල් පසුම්බිය සරල අදහස ඩිජිටල්කරණය වී නිර්මාණය වුණ, මෘදුකාංගයකින් නිර්මාණය කළ පසුම්බියක Bitcoin රඳවා තබා ගත හැකියි.
මෙය Bitcoin Wallet ලෙස හ¾දුන්වනු ලබන අතර එය App එකක් ලෙසයි නිර්මාණය කර තිබෙන්නේ.

මේ විදියට Bitcoin Wallet සේවාවන් ලබාදෙන ආයතන සහ සංවිධාන මේ වනවිට ලෝකය පුරා විශාල ප්‍රමාණයක් ආරම්භ කර තිබෙනවා. මේ දහස් ගණනක් වුණ Bitcoin ඹචතතඥබ පහසුකම සපයන ආයතන අතරින් වඩාත්ම විශ්වසනීය වූ ආයතනය තෝරා ගැනීම පාරිභෝගිකයා සතු වගකීමක්. කිසිවකු Bitcoin වලින් ගනුදෙනු කිරීම ආරම්භ කළ පසු ඒ සියලු ගනුදෙනු පිළිබඳ විස්තරාත්මක සටහන් මෙම Bitcoin Wallet හි සඳහන් වෙනවා.


Bitcoin මිලදී ගන්නේ කෙසේ ද?
කේ‍රඩිට් කාඩ් පත භාවිත කරමින් Bitcoin මිලදී ගත හැකි වුවත්, මේ වන තුරු ශ්‍රී ලංකාවට එම පහසුකම ලබා දී නැහැ. මේ හේතුවෙන් ශ්‍රී ලාංකික ආයෝජකයකුට දැනට Bitcoin මිලදී ගත හැකි වන්නේ ඒවා හුවමාරු කරන (Exchange) ආයතනයක් හෝ සංවිධානයක් හරහා පමණයි.


ඩිජිටල් මුදල්වලට ඇති ඉතා ඉහළ ඉල්ලුම හේතුවෙන් පැය ගණනක් ඇතුළත Bitcoinවල වටිනාකම ඉහළ ගිය අවස්ථා දැකිය හැකි වුණා. වරක් Bitcoinඑකක මිල ඇමෙරිකානු ඩොලර් 18,000ක් ලෙස වාර්තා වුවත් පසුව එම අගය නැවත ඇමෙරිකානු ඩොලර් 13,963 දක්වා පහත වැටී ඇති බව දකින්නට ලැබෙනවා.
ඒ වගේම මේ Bitcoinඒකකයක් සෑදී ඇත්තේ කුඩා කොටස් 100,000,000කින්.

මෙය සත හෝ පැන්සවල එකතුවකින් ඉහළ අගයක් ඇති මුදලක් සෑදෙනවා හා සමානයි. මේ හේතුවෙන් ඔබට වුණත් Bitcoin ඉතා කුඩා ප්‍රමාණයක් පවා මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම මිලදී ගත හැකි කුඩාම Bitcoinප්‍රමාණය 0.00000001ක් වන අතර මෙම කුඩාම ඒකකය හ¾දුන්වනු ලබන්නේ Satoshi යන නමින්. Bitcoin එකක් සෑදී ඇත්තේ කුඩා කොටස් 100,000,000කින්.


එදිනෙදා ගනුදෙනු කළ හැකිද?
තමන් මිලදී ගන්නා භාණ්ඩ හෝ සේවාවන්ට Bitcoin වලින් ගෙවීම් කළ හැකි ආයතන, අවන්හල් සහ වෙබ් අඩවි ගණනාවක් තිබෙන අතර දුරකථනය හෝ පරිගණකය භාවිත කර ගිණුම් අතර මුදල් මාරු කර (transfer) ඒ සඳහා ගෙවීම් කළ හැකියි
BitcoinBitcoinවල විශේෂ ලක්ෂණ
ඉතා සංකීර්ණ ඩිජිටල් තාක්ෂණික ක්‍රියාවලියක් වන Bitcoin mining හරහා Bitcoin නිර්මාණය කරන ආයතන හෝ පුද්ගලයන් හ¾දුන්වන්නේ Bitcoin miners යන නමින්.

Bitcoin source code හරහා පනවා ඇති සීමාවන්ට අනුව ලෝකයේ සංසරණය විය යුත්තේ මිලියන 21ක Bitcoin ප්‍රමාණයක් පමණයි. මේ Bitcoin මයිනින් සඳහා ඉතා විශාල ධාරිතාවලින් යුත් පරිගණක වුවමනා වෙන අතර ලංකාවේ පවා මෑතක සිට මේ Bitcoin miningවල සැලකිය යුතු පිරිසක් නිරත වෙනවා.
Bitcoin කිසිම පුද්ගලයකුට, බැංකුවකට, ආයතනයකට හෝ සංවිධානයකට අයත් නොමැති වීම මෙහි ඇති විශේෂත්වයක්.


Bitcoin හි ප්‍රධාන ලෙජරය Block Chain නමින් හ¾දුන්වනු ලබන අතර එම ජාලය ඇතුළත සිදුවන සියලු ගනුදෙනු මෙම ලෙජරයේ ස්වයංක්‍රියව සටහන් වෙනවා. මේ හේතුවෙන් ලෝකයේ නන් දෙසින් සිදුවන Bitcoin ගනුදෙනු එහි සිටින සියලු ආයෝජකයන්ට 100%ක්ම විවෘතව දැකගත හැකියි. නමුත් Block Chain ලෙජරයේ තිබෙන ගිණුම් හිමියන්ගේ විස්තර කිසිදු ආකාරයකින් හෙළිදරව් නොවෙන අතර අන්වර්ථ නාමයක් යටතේ වුවද Bitcoin ගිණුමක් පවත්වාගෙන යා හැකියි. මෙම ජාලය Bitcoin ගිණුම් හිමියන් හ¾දුනා ගන්නේ එම මෘදුකාංගයට අනන්‍ය වූ විශේෂ ක්‍රමවේදයක් හරහායි.

කිසිම මූල්‍ය ආයතනයක හෝ බැංකුවක සහාය නොමැතිව ලෝකයේ ඕනෑම රටකට ඕනෑම මුදල් ප්‍රමාණයක් සැණින් යැවීමේ හැකියාව Bitcoinවල තවත් සුවිශේෂී ලක්ෂණයක්. රටකින් රටකට මුදල් ගෙන්වා ගැනීමේදී හෝ මාරු කිරීමේදී අනුගමනය කරන සාමාන්‍ය ක්‍රම සහ නීති රීති Bitcoin ගනුදෙනුවලට අදාළ වෙන්නේ නැහැ. මේ හේතුවෙන් Bitcoin වලින් ගනුදෙනු කිරීමේදී කිසිවකුට සේවා ගාස්තු හෝ අතිරේක ගෙවීමක් සිදුකරන්න ඕන නෑ.


මේ ආකාරයෙන් Bitcoinවලින් සිදුවන ගනුදෙනුවක් ආපසු හැරවීමක් නැතහොත් නැවත ඉල්ලා ගැනීමක් කළ නොහැකියි. වැරදි Bitcoin ප්‍රමාණයක් යම් අයකුට ලබා දුන්නේ නම් එම පුද්ගලයා සිය කැමැත්තෙන් නැවත එය ලබා දීමකදී හැර, අන් අවස්ථාවකදී පාඩුව දරා ගැනීමට සිදු වෙනවා.


මේ නිසා විශේෂඥයන් විසින් බිට්කොයින් වේගයෙන් ආරෝපණය වෙමින් තිරිංග නොමැතිව ධාවනය වන දුම්රියකට සමාන කර ඇති Bitcoinහි ඉහළ යන අගය පිළිබඳ ලෝකයේ ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තියෙනවා.
මේ Bitcoin ඒකකය වේගයෙන් පිම්බෙන බෝලයකට සමාන කරන සමහරු මෙම බෝලය කෙදිනක හෝ පිපිරීමකට ලක් වනු ඇතැයි සැක පහළ කරනවා. මෙහි තිබෙන අවදානම නිසාම Bitcoin ආයෝජනය එක්තරා ‘සූදු කෙළියක්’ ලෙසින් ද විග්‍රහ කරන්න පුළුවන්. මුදල් බිලියන ගණනක් මෙහි ආයෝජනය කර ඇති නමුත් Bitcoin ජාලයේ සම්පූර්ණ වටිනාකම වන ඇමෙරිකානු ඩොලර් බිලියන 268 ලෝක ආර්ථිකයත් සමඟ සංසන්දනය කිරීමේදී ඉතා කුඩා අගයක්.

ඒ නිසා කිසියම් අවස්ථාවකදී මෙය බිඳ වැටුණහොත් එයින් ලෝක ආර්ථිකයට බලපෑමක් නොවන බව එක් ආර්ථික විශ්ලේෂකයකුගේ මතය වී තිබෙනවා.
Bitcoin ජාලයේ සම්පූර්ණ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 268ක්. මේ වනවිට චීනය, ඉන්දියාව, එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක් මේ වන විටත් Bitcoin ආයෝජකයන්ට අනතුරු අඟවා ඇති අතර, චීනයේ ප්‍රධාන පෙළේ Bitcoin හුවමාරු කරන (Exchange) ආයතනයක් වන BTCC පසුගිය සැප්තැම්බර් මස අවසානයේ දී සියලු ගනුදෙනු නතර කිරීමට පියවර අරන් තියෙනවා. පසුගියදා ඇමෙරිකාවේ චිකාගෝ නුවර ප්‍රධාන පෙළේ මුදල් හුවමාරු කරන CBOE ආයතනය Bitcoinගනුදෙනු ආරම්භ කිරීමත් සමඟම මෙම පෙරළිකාර ඩිජිටල් මුදල් වර්ගයට තවත් වටිනාකමක් සහ වැඩි ආරක්ෂාකාරී බවක් අත් වී තියෙනවා.

ශ්‍රී ලංකාව තුළත් Bitcoin ගනුදෙනු නීතිගත කිරීම ගැන යම් නිවේදනයන් ලබාදී තිබුණත් ඒ ගැන නිශ්චිතම තොරතුරක් කිසිම තැනක සඳහන් වෙන්නේ නෑ. කොහොම වුණත් කාසි නෝට්ටු යුගයේ සිටි මිනිසුන්ව ශීඝ්‍රයෙන් විද්‍යුත් කාඩ්පත් සහ e banking වෙතට යොමු වුණා වගේ Bitcoin සාමාන්‍ය මුදල් ඒකකයක් ලෙස පරිහරණය කරන්න සිදුවෙන දවසක් මෑතකදී උදාවෙන්න පුළුවන්. ඒ නිසා Bitcoin ගැන දැනුවත්ව සිටීම අනාගතයට ඉතා වැදගත් වෙනවා.

ලසිත ඒකනායක