ලෝක තුනක කතා තුනක් ගැන කියන The witcher

0
78

මේකේ creator තමයි lauren schmidt. Tv series පිස්සො පිස්සු වැටුණු The umbrella academy series  එක private practice, power වගේ ඒවගෙත් creator  වුණේ මෙයාමයි. ඉතින්  මේ සීරිස් එක ෆැන්ටසි එපික් එකක් විදියට තමයි හදලා තියෙන්නෙ. මේකේ main characters තුන්දෙනෙක් ඉන්නවා. පළමුවැනි කෙනා තමයි ගැරල්ට්. එහෙමත් නැත්තම්  witcher ගැරල්ට් විදියට රඟපාන්නේ ෆිල්ම්ස් ටීවී සීරිස්  බලන ඕනෑම කෙනෙක් හොඳටම දන්න henry cavill. මෙයා ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. Bat man vs superman එකේ Enola holmes  එකේ  man of steel එකෙත් මෙයා සුපිරියටම රඟපානවා. මේකෙත්  henry cavill මාරම විදියේ ඇක්ට් එකක් දෙනවා.

දෙවැනි main character එක තමා anya chalotra.  මෙයා කරන්නෙ මේකේ වෙනස්ම විදියේ character  එකක්. යෙනිෆර් විදියට රඟපාන්නේ මෙයා. පට්ට විදියට ෆේමස් වුණු the abc murders, wanderlust  වගේ ඒවගෙන් අපිට anya දකින්න  හම්බවෙලා තියෙනවා.

සුපිරිම ෆිල්ම්ස් දෙකක් වුණු gunpowder milkshake, the war of the worlds වගේ ඒවගේ මාරම විදියට රඟපාපු freya allan තමා ප්‍රින්සස් සිරිල්ලා නැත්තම් සිරී විදියට the witcher එකේ රඟපාන්නේ.

ඉතින්  The witcher  ගේම් එක ප්ලේ කරලා තියෙන කෙනෙක්ට මේකේ සිද්ධි ගලාගෙන යන විදිය තේරුම් ගන්න ලේසියි. විශේෂයෙන්ම කියන්න ඕනි මේ සීරිස් එක බලද්දී මාරම අවධානෙන් බලන්න ඕනි. මොකද කියනව නම් ලංකාවේ කතා වගේ එහෙන් මෙහෙන් බැලුවා කියලා කීයටවත් මේක තේරුම් ගන්න බැහැ. 

මම මෙතැනදි Witcher සීසන් වන් එකම ස්පොයිල් කරන්න යන්නෙ නැහැ. ඒත් මේකේ කියන්නම ඕනි දේවල් ටිකක් තියෙනවා. මේකේ මේන් කැරක්ටර් එක වෙන ගැරල්ට් කියලා කියන්නෙ ජානමය වශයෙන් වෙනස් තත්ත්වයක ඉන්න එක්කෙනෙක්.  ඇත්තම සීන් එක තමයි මැජික් වගේ දේවල්වලින් තමයි ඒ වෙනස කරලා තියෙන්නෙ. මෙයාට තියෙනවා සුපිරි බල ටිකක්. මේවගෙන් ඕනෑම ජාතියේ සතෙක්ව, යෝධයෙක්ව වගේ උන්ව මෙල්ල කරන්න පුළුවන්. මේ witcher ගෙ වැඩේ තමයි මේ වගේ උන්ව මෙල්ල කරලා එහෙමත් නැත්තම් මරලා දාන එක. සරලවම කිව්වොත් කුලී මිනී මරන්නෙක් වගේ රෝල් එකක් තමයි මෙයා මේකෙදි කරන්නේ.  

අනිත් සීන් එක තමයි මේකේ තියෙන විදියට ශතවර්ෂ ගාණකට කලින් ලෝකවල් තුනක් එකට එකතු වෙනවා. ඒ කතාව තමයි මේකේ යන්නෙ. මේක බලපු අය නම් දන්නවා මේක ටිකක් එක පාරටම තේරුම් ගන්න අමාරු කතාවක් කියලා. ඒකට main reason එක තමයි මේක ටයිම් ලයින් තුනකට කතාව ගලාගෙන යන එක. ඒ කොහොම වුණත් කතාව මාරම interesting විධියට පටන් ගන්නවා. මුල්ම ඥනඪඵධඤඥ ටිකේදී සීරිස් එක, එක එක පැතිවලට ගිහිල්ලා අන්තිම එපිවලදි ඔක්කොම එකට ලස්සනට සෙට් වන විදියට තමයි මේක හදලා තියෙන්නෙ.

ඉතින් මේකෙ පළමුවැනි ටයිම් ලයින් එක තමයි ගැරල්ට් ඉන්න එක. පළමුවැනි එපියෙන්ම සිරිල්ලා ප්‍රින්සස්ගෙයි ගැරල්ට්ගෙ ටයිම් ලයින් එකයි දෙකම අපිට බලාගන්න පුළුවන් වෙනවා. දෙවැනි එපියෙදි තමයි යෙනිෆර්ගෙ ටයිම් ලයින් එක අපි දකින්නේ. කියද්දිත් ටිකක් පිස්සු වගේ වුණාට මේක අවධානෙන් බැලුවොත් එහෙම මාරම අමුතු විදියට හදපු පිස්සු හැදෙන සීරිස් එකක්.

ටී.වී. සීරිස් අතරෙ පට්ටම ඉස්සරහින් තියෙන GOT එකට සමානකම් තියෙන සීරිස් එකක් කියලත් The Witcher  කියන්න පුළුවන්. සුපිරිම ටී.වී. සීරිස් එකක් විදියට උඩින්ම රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේක තාම බලපු නැති අය ඉන්නව නම් ඉක්මනින්ම බලන්න. මේක ඒ තරම්ම සුපිරියක්.

ප්‍රභානි සරත්චන්ද්‍ර