රාහු-කේතු මාරුව ඔබට කොහොමද?

0
158


ග්‍රහ වළල්ලේ අතිශය බලසම්පන්න ග්‍රහයන් වන රාහු හා කේතු 2022 අප්‍රේල් මස 11 වැනි දින රාහු මේෂ රාශියටත් කේතු තුලා රාශියටත් පිවිසීමට නියමිතය. 

රාහු මාරුවන සෑම අවස්ථාවකම ඔහුට ප්‍රතිවිරුද්ධ 7 වැනි රාශියේ කේතු ගමන් කිරීම ස්වභාවයයි. 

රාහු මිත්‍ර රාශියක සිට දෙන ප්‍රතිඵලවලට වඩා ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ලබාදීම කේතුගේ ස්වභාවයයි. 

නම ඇසූ පමණින් බියගෙන දෙන ආකාරයේ ප්‍රතිඵල දෙන අයකු සේ සලකන රාහු 2022 අප්‍රේල් මස 11 වැනි දින සිට 2023. 10. 29 දක්වා මේෂ රාශියේ ගමන් කරනු ලබන බව පෙනේ. 

 එසේම වර්ෂ 1යි මාස 06 දින 18කට පසු රාහු සමඟම ස්ථාන මාරු කරන කේතු 2022 අප්‍රියෙල් මස 11 වන දින තුලා රාශියට පිවිසෙනු ඇත. 

මෙම තුලා රාශියට හිමිකම් කියන්නේ සෙනසුරු හා සිකුරුය. ආධ්‍යාත්මික ගුණ වගාවටම මිනිසා යොමු කරන ජීවිතයේ යථා රූපී ස්වභාවය මැනවින් පෙන්වා දෙන සෙනසුරුත් සතුට, විනෝදය හා සැනසිලි දායක දිවිමඟක් අපේක්ෂා කරන සිකුරුට අයත් මෙම රාශියට පිවිසෙන්නේ ලෞකික දියුණුවට ආර්ථික වශයෙන් හා සෞඛ්‍යමය වශයෙන් කිසිම පිහිටක් ලබා නොදෙන කේතුය. 

ස්ත්‍රී – පුරුෂ භාවයක් නැති නපුංසකයකු වන මොහු ස්ත්‍රීන් අතරට ගිය විට පුරුෂයකු ලෙසත් පුරුෂයන් අතරට ගිය විට ස්ත්‍රියකු ලෙසත් හැසිරෙන මොහු මේ දෙකටම ගැළපෙන සේ කිසිවක් කරකියා ගත නොහැකි අයකු සේ පෙනේ. දැනුමට මිස ක්‍රියාවට අදක්ෂයකු වන මෙම කේතු තම නියමිත ස්වභාවය වසංගා පෙනී සිටීමට ප්‍රයත්න දරන අයයි. 

ක්‍රියාකාරී ගතියක් නැති නිසා වැඩක් නොකරන අතර වැඩ කරන අය අතරට ගියවිට ඔවුන්ගේ වැඩ පවා අඩාල කරන අයකු වේ. එහෙත් ඥානය දියුණු කරන අයට ලබාදෙන සහාය වෙනත් කිසිම ග්‍රහයකුගෙන් නොලැබේ. 

මේ පිළිබඳව ඉතා සියුම් විශ්ලේෂණයක යෙදී අදාළ රාශි 12 දී රාහු කේතු ග්‍රහයින්ගේ ක්‍රියාකාරී පැවැත්ම පිළිබඳව කෙරෙන සටහන මෙසේ පෙළගස්වනු ලැබේ.