මහා කාලි මෑණියන් දෙනෙතට දැකිය හැකි මහා කාලි මන්ත්‍රය සමඟ මහා කාලිය ගැන ඔබ නොදත් දේ….

0
335

විශ්වය යනු ශක්ති කදම්බයකි. මිනිසාද පරමාණු අංශුවල එකතුවකි. එනම් උපතින්ම මිනිසා සතුව ශක්ති කදම්භයක් විකාශය වේ. එම ශක්තිය හොඳ-නරක දෙකටම එකසේ බලපැවැත්වේ. එහෙත් නපුරු ක්‍රියාවලියකදී අප සතු ශක්තිය (ඕරා) අපිරිසුදු වෙයි. ඒ තුළින් මානසික – කායික පරිහානිය සේම විශ්වයෙන් නිකුත් වන්නා වූ සුබ ශක්තීන් වෙනුවට අසුබ ශක්තීන් (කිරණ) අප ශරීරයට එකතු වේ. ඉහත එම සිද්ධාන්තයම යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාව තුළින්ද නිරූපණය කෙරේ. ශාන්ති කර්ම සඳහා සුබ ශක්තීන්ද කොඩිවින, සතුරු දඬුවම්, පළිදැරීම්, වස් කවි කීම ආදිය සඳහා අසුබ ශක්තීන් සංයෝග වේ. එමඟින් අදාළ කරුණ කෙරෙහි බැඳී ඇති දිෂ්ටි හෙවත් භූත බලවේග ක්‍රියාත්මක වේ.

 එනම් මෙම ලිපියේ අරමුණ ඔබගේ දැවෙන ගැටලු සඳහා ගුප්ත විද්‍යාත්මක පිහිට ලබා ගැනීමට මඟපෙන්වීමය. මහා කාලි මෑණියන් මන්ත්‍ර විද්‍යාවේ ඊශ්වර දෙවිඳුන්ට පසු හිමිකම් කියා පාන උත්තමාවියක් ලෙස සැලකේ. කාලි මෑණියන් නොමැතිව අෂ්ට කර්මය පරිපූර්ණ කරගත නොහැකිය. යහපත සේම අයහපත උදෙසාද පිහිට පැතීම කාලි මෑණියන් ඉදිරියේ සිදුකෙරේ. කාලි මෑණියන්ගේ ආකර්ෂණය දෙන මන්ත්‍ර අතර කාලි ඉනාව, කාලි වෛරෝඩිය, කාලි බන්ධනය, කාලි ගිනිසැරය, කාලි දහඅටපාලිය, කාලි ගිනිපේසු බන්ධනය, කාලිවරම, කාලි දිෂ්ටි, කාලීනව නීල මාණික්‍යය දිෂ්ටිය, කාලිපරාවතී දිෂ්ටිය ආදිය මන්ත්‍ර, දිෂ්ටි රාශියක් පවතී. මෙයින් ඵල ප්‍රයෝජන ලබන පිරිස විශාල වුවත් එය රහසක් වශයෙන් තබා ගැනීම නිසා ඇතැම් දේ සැඟවී තිබේ. සැඟවීම සහ හඟවා තැබීම තුළද සාධාරණත්වයක් ඇති බව ඔබද සිතිය යුතු වේ.

කාලි මෑණියන් ගැන ඔබ නොදත් දේ

කාලි හත්කට්ටුව

1. භද්‍ර කාලි 2. මහා භද්‍ර කාලි 3. පේන කාලි 4. හනුමා පත්‍ර කාලි 5. රීරි කාලි 6. සොහොන් කාලි 7. ගිනි කාලි

මෙම කාලි සත් කට්ටුවට අමතරව සේවය කරන පිරිස

1. බ්‍රහ්ම කාලි

2. ඉෂ්ට කාලි

3. සර්වලෝක කාලි

4. අංගුලිමාල මහා කාලි

5. ආඝෝර කාලි

6. නීල ශ්‍රී කාලි

7. හිම කාලි

8. සිවයුම් කාලි

9. සිවක් කාලි

10. වරාඩි කාලි

11. ප්‍රේමා කාලි

12. යමදූත කාලි

13. ජලමේඝ කාලි

14. සිලම්භර කාලි

15. ඕං කාලි

16. බුධ කාලි

17. ත්‍රී පුර කාලි

18. පේසු ලෝක කාලි

19. මහා මන්ත්‍ර කාලි

20 දිෂ්ටි ලෝක කාලි

21. අරිපට්ට ලෝක කාලි

22. තත්ෂලිති කාලි

23. යම කාලි

24. මහායන්ත්‍ර කාලි

25. නාරාවි කාලි

26. ශිවෂම කාලි

27. ලෝක කාලි

28. මහා කාලි

29. බහිරව කාලි

30. ගෝරෂ්ට කාලි

31. ප්‍රේසා කාලි

32. සේත්‍ර කාලි

33. ප්‍රියා ලෝක කාලි

34. රාමා ලෝක කාලි

35. ප්‍රමේශ්වර ලෝක කාලි

36. වේදනා ලෝක කාලි

37. උර්ලි ගිනි කාලි

38. ඊශ්වර කාලි

39. ශ්‍රී කාලි

40. ලලිත කාලි

41. ගණපති කාලි

42. පේසගිනි කාලි

43. සූනියම් කාලි

44. පර්වත කාලි

45. ආනන්ද භහිරව කාලි

46. රෞද්‍ර කාලි

47. අෂ්ට ගුරු කාලි

48. ඉරවෙත්ද කාලි යන පිරිස වේ.

කාලි මෑණියන්ගේ පහන් පැල තැබීම

* දිග අඟල් 11, පළල අඟල් 11, 14×14×17×17 ශුභයි. පැති සමවිය යුතුය.

* පහන් පැලට ඉදිරියෙන් රතු තිර රෙද්දක් යොදන්න.

* පහන් දැල්වීමේදී අබ තෙල් – තැඹිලි තෙල් යොදා ගන්න.

* මල් වර්ග විශේෂයෙන් යහපත් දේට රත් මල්ද අයහපත් දේට රතු පොකුරු වද මල්ද ගන්න.

කාලි මෑණියන් උදෙසා කරන පූජාවට අවශ්‍ය දේ සහ ක්‍රමවේදය

රතු මල්, නිල් මල්, කහ මල්, රතු කොඩිය, කළු කොඩිය, සුදු කොඩිය, සුදු නූල් බෝලයක්, ත්‍රිශූලය, පුනනූල, කැවුම්, කෙසෙල් ගෙඩි, කිරිබත්, මුංකැවුම්, අග්ගලා, තල, හකුරු, හබල පෙති, කඩල, වඩේ (උළුඳු) බුලත්, සුවඳකූරු, කපුරු, පිනිදිය, රිදී පඬුරක්, පොල් ගෙඩියක්. මේවා පූජාසනය මත පුදා භද්‍රකාලි මෑණියන් වෙනුවෙන් පහන් දල්වා දුම්දී තමාට වුවමනා කාරණය සිවුවරක් කන්නලව් කර නූල් නව පොටක් ගෙන භද්‍ර කාලි රූපයේ අත්මත තබා පිහිට අයදින්න. කාලි පූජාව තැබීමට අඟහරුවාදා, සිකුරාදා 8.8 සිට 8.24 දක්වා කාලය දිවා – රාත්‍රි දෙකටම පොදුවේ. තවද සුබ දේ සඳහා පුර පක්‍ෂයේද අවැඩ සඳහා අව පක්‍ෂයද යොදා ගන්න.

කාලි මෑණියන්ගේ ස්වරූපය

යක්‍ෂණියකගේ මුහුණක් වුවද ඉතා ප්‍රිය මනාප සේම භයංකාර යන වේශ දෙකකින් රුව පිළිබිඹු වේ. (ප්‍රභේද කිහිපයක්ම වේ) විදුලි සැරයක් මෙන් ජවලිතය. හෙණ හඬක් මෙන් ප්‍රාණවත්ය. ක්‍ෂණික ක්‍රියාශීලී ගුණයෙන් යුක්තය. කාලවර්ණ දේව විලාශයක් මවා පාන නමුත් දේව සුරරාජ වරම් ලබා ඇත.

කාලි මෑණියන්ගේ හලං ගණන අටකි.

ශාන්තිකර්ම සහ ශාස්ත්‍ර කීමට ගන්නේ හලං හයක් පමණි.

කාලි මෑණියන් වරම් ගත්තේ

ගරුඬරාජ, ගුරුළුරාජ, නාගරාජ, මහ විෂ්ණු දෙවියන්ගෙන්, කතරගම දෙවියන්ගෙන්, සත් පත්තිනි මෑණියන්ගෙන්, අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන්ගෙන්.

කාලි මෑණියන් දිෂ්ටි හෙළන අට දිශාව සහ දිශාවට හිමි දිෂ්ටි නාමය

1. පත්‍රකාලි ශෛලාසන මෝහිනී නමින් – නැඟෙනහිර දිශාවටද

2. සුර ශෛලාසන මෝහිනී ලෙස – ගිනිකොන දිශාවටද

3. කදිරේන්ද්‍ර මෝහිනී ලෙස – දකුණු දිශාවටද

4. ගරුඩරාජ මෝහිනී ලෙස – නිරිත දිශාවටද

5. පාතාල ශෛලාස මෝහිනී ලෙස – බටහිර දිශාවටද

6. කර්නීල අංජන මෝහිනී ලෙස – වයඹ දිශාවටද

7. පත්‍රකාලි මෝහිනී ලෙස – උතුරු දිශාවටද

8. ශ්‍රී රාජ පත්‍රකාලි මෝහිනී ලෙස – ඊසාන දිශාවටද ආකර්ෂණ බලය පතුරුවයි.

කාලි මෑණියන්ට භාවිත කරන පර්යානාම

1. මහාමාය, 2. දක්ෂණ, 

3. අමිබිකා, 4. කෝමරී, 

5. රාජධී, 6. ඉක්තකේෂී, 

7. තාරා, 8. මාතංගි, 9. භීමදේවි, 

10. භගවතී, 11. ඊශ්වරී, 

12. කපාලිති, 13. කෞෂිකි, 

14. විජයා, 15. අපර්ණා, 

16. සර්වමංගලා

කාලි මෑණියන්ගේ ආකර්ෂණයෙන් කළ හැකි මන්ත්‍ර ගුරුකම්

හැරගිය අය ගෙන්වීම, ස්ත්‍රී – පුරුෂ වශී, සතුරු වශී, ඥාති ආකර්ෂණය, මලයක්ෂ, මල ප්‍රේත, ගෙවල ප්‍රේත, වින බන්ධන කැපීම, විශේෂයෙන් සොර සතුරන්ට, දුර්ජනයන්ට දඬුවම් දීමට ඉතාම සුදුසුයි.

කාලි මෑණියන්ට නමස්කාර දැහැන

1. ධ්‍යත්වා කාලිං මහා මායං

ත්‍රීනේත්‍ර බහු රූපිණීම්

චතුර්භූජං ලෝල ජීහ්වාං

පූර්ණ චන්ද්‍ර නිභානනාම්

2. නීලෝත්පල දල ශ්‍යාමං

ශ්‍රත්‍රැසංස විදාරිණාම්

නර මුණ්ඩාංතථාඛංග

කමලං වරදංකරතා

3. බිභ්‍රාණං රක්ත වසනං

සෝර දංෂ්ඨ්‍රා ස්වරූපිණිම්

අට්ටාවිට හාස නිරතාං

සර්වදාච දිගම්බරම්

කාලි දැහැන් හත (පහන් දල්වා කීමටත් දිෂ්ටියක් ලෙසත් සුදුසුයි)

ඕං හ්‍රීං පච්චිල පාටන් කාරනී ඒස්වාහං…

ඕං හ්‍රීං ජලරූධ්‍ර ප්‍රමේශ්වර කාලි නමහං…

ඕං හ්‍රීං පච්චිලං ප්‍රාන්ද සර්වගිනි කාලි නමහං…

ඕං හ්‍රීං භද්‍ර ඝටක විෂ්ණු නාරායණේ නමහං…

ඕං හ්‍රීං සර්වකාලී දිෂ්ටි දිෂ්ටි නමහං…

ඕං හ්‍රීං සෝරාෂ්ට කාලි  වර වර නමහං…

ඕං හ්‍රීං අංජන කූට ගිනි බ්‍රාඩි සිලම්බර කාලි ජීව ජීව වර වර ඒස්වාංහං…

මහා කාලි වරම (කාලි මෑණියන් තම නෙතට පෙනෙන්න පැමිණේ)

ඕං නමෝ සුරා සුරවර – ගරුඬ ගාන්ධර්ව සිද්ධ විද්‍යාරනේ ඒස්වාං

ඕං දේවි දේවි කෛප්ප්‍රෝග චිරිතූතියුං – උඩුමුක්කු – මමුත්තු – කොංඩායුම් – මුඩිමේල පෙරයුම් – වැළඳකෛලේ – පත්තිරඉන් – පාඹු ආරා කොඩියුම් – හරි හර නාරායණේ – වීර පත්‍ර කාලි – ආඝෝර වීර පත්‍ර කාලි – ආරමුඛ සුලයුම් – කුරු කුරු නමහ–

ඕං ඓස්ත්‍රි වීර බන්දනය – නමෝ ආස්ත්‍රියා – වීර භද්‍රා නායකේ නාල මන්ත්‍රී මන්ත්‍රී අනුෂ්ටායන්ඩන් – තෝඩුන් දේවතා – යද අදරාය – අගදරාය – ගුලු ගුලු ධම්ම ධම්මං – බින්ද බින්ද මරිගතදා සේ – සේ – මොවිත මොවිත – උරුජගත – පද පද – ගුලි ගුලි – ශ්‍රී අඩි ශ්‍රී – සාමරවරෙන් – යෝමාලවරෙන් – කෞමාලවරෙන් – ඕං ඕං රාං රාං – එහි ඒස්වහ–

ඕං නමෝ – උෟරුවෙල්ලකුරඟවේ – මුක්කුවේ – කුරියාඩු මුර මුර කවි – වීර පත්‍ර කාලි – වර වර කාලි – ගුරු කාලි – ආදර කාලි – පත්‍ර කාලි – උග්‍ර කාලි – වාත භූත කාලි – අනේක විසඬු තේවර – කුරුනේ – කුවෙච්චි පිල්ලි අරුනාඩු – වේනාඩු උෟනාඩු කාල භෛරව වා වා – මාරු මාරු – විසි විසි – විසි විසි – කාර්ය නම– කාල භෛරවනේ, හේ හේ නම–

ඔං නඩංගු අත්තුනාඩියා – ශරෙතඩුත්තු – කාල භෛරවයා නම–

මෙම කාලි වරම බොහෝ දේවාලවල කපු මහත්වරු, ගුප්ත  විද්‍යාධරයන් රහසින් භාවිත කළ මන්ත්‍රයකි. මෙය ජප කිරීමේදී කාලි ආවේශය ලබාගත හැකියි. තවද මෙම ජීවම සාර්ථක වීමේදී ක්‍රම දෙකකින් කාලි මෑණියන් තමා ඉදිරියේදී ජීවමානව පෙනී සිටී. එබැවින් කිලිකුණුවලින් වැළකී නිවැරදි ලෙස වචන උච්චාරණය කරමින් මන්ත්‍රය 354 වතාවක් ජීවම් කරන්න. බුද්ධිමත්ව අවශ්‍ය ඕනෑම කරුණකට මෙයින් ප්‍රයෝජන ගත හැකිය.

පළමු කොට තෙරුවන් පුදා ඉහත සඳහන් පුද තැන්පත් කර නමස්කාර දැහැනෙන් 21 වර මතුරා කාලි දැහැන් 21-108 මතුරා ඊ පස් කාලි වරම භාවිත කර තම කරුණ සැලකරන්න. මෙයින් කාලි මෑණියන් මුල්වූ අඳුන් සඳහා මහා බලයක් එක්වේ. පෙනෙන දේ පැහැදිලි සේ සත්‍ය වේ. තවද දැහැන් හතෙන් රන් තැඹිලි තෙල් මතුරා කර පැලඳීම සුදුසුයි. අනවින, භූත ‍ෙදාස් ළං නොවේ. තමාට සුදුසු කරුණු අනුව ජප කළ යුතුය. කරුණු 108ක් සඳහා වැඩ කරගත හැකිය. සතුරු උවදුරු සඳහා දෙහි මාලයක් කාලි මෑණියන්ට පලඳවන්න. තිර, සලං පූජා කරන්න ‍ෙදාස් පහවේ. සතුරන්ට උන් හිටි තැන් අහිමි වේ. තමා නිවැරදි විය යුතුය. නැති නම් ආපිට එයි. සතුරන්ට දඬුවම් සඳහා ඇටි ඇට, ගම් බිත්තර, වඩේ, ගොඩදියමස්, වෙරිපහ රීරි තබන්න.

පාරම්පරික ගුප්තවේදී කෑගල්ලේ

කේ.ඇම්. සුනිල් බණ්ඩාර

0779916941