සොරාගත් ලක්ෂ 50ක ඔරලෝසුව 5000කට විකුණන්න ගිය තරුණයන් දෙදෙනා රිමාන්ඩ්

0
164

අමිල අබේරත්න 

කොල්ලුපිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවෙසකට ඇතුළු වී ලක්ෂ 50ක වටිනාකමකින් යුත් රොලෙක්ස් වර්ගයේ අත්ඔරලෝසුවක් සොරකම් කර රුපියල් පන්දහසක මුදලකට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ තරුණයන් දෙදෙනකු ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය නියෝග කළාය. 

මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කරනු ලැබුවේ සිද්ධියට අදාළ තරුණයන් දෙදෙනාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුගියදා (29දා) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. 

තරුණයන් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අවුරුදු 34 හා 39 වයස්වල පසුවන අය වේ. 

සොරකම යන චෝදනාව යටතේ ඔවුන් දෙදෙනාව කොල්ලුපිටිය පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර කෝටිපති ව්‍යාපාරිකයා පවුලේ සාමාජිකයන් සමඟ සිය බේරුවල නිවෙස කරා ගොස් සිටියදී ඉකුත් 27 වැනිදා තරුණයන් දෙදෙනා ඔහුගේ කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවෙසට ඇතුළු වී අදාළ සොරකම සිදුකර ඇත.