ශර්මිලා යයි ; තිලක් එයි

0
27


විනීතා එම්. ගමගේ

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් තිලක් ප්‍රේමකාන්ත මහතා පත් කරනු ලැබ ඇත.

එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ ඉල්ලා අස්වීම හේතුවෙන් හිස් වූ තනතුරට ඔහු පත් කරනු ලැබීය.

මෙම පත්කිරීම කැබිනට් මණ්ඩලය මඟින් අනුමත කර ඇතැයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි. 

තිලක් ප්‍රේමකාන්ත මහතා නියෝජ්‍ය වන සංරක්ෂක වශයෙන් කටයුතු කළ අතර ශාක හා සත්ත්ව ප්‍රජාවන් ගැන පුළුල් දැනුමක් ඇත්තෙකි.

නව අධ්‍යක්ෂ ජනරාල්වරයා දෙහිවල සත්වෝද්‍යානයේ පිහිටි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේදී ඊයේ (31දා) පෙරවරුවේ සිය තනතුරෙහි වැඩ භාර ගත්තේය.