වරායේ සිරවූ ආහාර කන්ටේනර් එන සතියේ නිදහස් වන ලකුණු

0
34


නිර්මාණි ගුණරත්න

කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය  ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම්  එළැඹෙන සතිය වන විට නිදහස් කර ගැනීමට හැකිවනු ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න ‘මව්බිම’ට  පැවැසීය. 

එම බහාලුම් තුළ සහල්, සීනි සහ පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක් පවතින බවද  සභාපතිවරයා සඳහන් කළේය. 

මෙරට බැංකුවලට ලැබෙන ඩොලර් ප්‍රමාණය අනුව එම බහාලුම් නිදහස් කිරීම සිදුවන බවද  ඔහු පැවැසීය.  සිරවී ඇති බහාලුම් නිදහස් කර ගැනීමෙන් පසුව නැවත මෙරටට  අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට හැකි වන්නේ රට තුළ තිබෙන ඩොලර් ප්‍රමාණයට අනුකූලව බවද  හෙතෙම ප්‍රකාශ කළේය. 

රුපියල පා කිරීමෙන් පසුව මෙරට බැංකුවලට යම්කිසි ප්‍රමාණයකින් ඩොලර්  ප්‍රමාණයක් ලැබුණු බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.