රටින් ගේන ඇපල් ගෙඩිය රු. 180ට නඟී

0
46


අමිල අබේරත්න

ආනයනික ඇපල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 180 දක්වා ඉහළ ගොස් තිබේ.

රජය ආනයන බදු ඉහළ දැමීමත් සමඟ එම වැඩිවීම සිදුවී ඇත.

මේ අතර ආනයනික ‍ෙදාඩම් ගෙඩියක මිලද රුපියල් 90ත් 100ත් අතර ඉහළ යා හැකි බවද පලතුරු ආනයනකරුවන් ප්‍රකාශ කරයි.

පවතින තත්ත්වයන් හමුවේ ආනයනික පලතුරු මිල තවදුරටත් ඉහළ යා හැකි බවද ඔවුන් පවසා සිටියි. 

මේ අතර සුපිරි වෙළෙඳසල්වල සඳහන් වූයේ ආනයන ඇපල් ග්‍රෑම් 700ක සිල්ලර මිල රුපියල් 861ක් සහ රුපියල් 910ක් අතර මිලක් වන බවය.

අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී ආහාර ද්‍රව්‍ය සති භාණ්ඩවල ආනයන බදු වැඩි කිරීමට රජය මේ වන විට කටයුතු කර ඇති අතර අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සහ හදිසි නොවන භාණ්ඩ සම්බන්ධයෙන් ආනයන සීමා පැනවීමට රජය මඟින් ඉකුත් මාර්තු 9 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබිණි.