බඩල්කුඹුරේ සෝමානන්ද හිමිට කළුතර දිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය

0
142

වාද්දුව – ජනක හෙට්ටිආරච්චි

වාද්දුව මැස්ටිය ශ්‍රී  සුනේත්‍රාරාමාධිපති බඩල්කුඹුරේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ වෙත මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහ නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වය වෙතින් සද්ධර්ම කීර්ති ධම්මානන්දභිධාන යන ගෞරව නාම  සම්මුතිය සහිතව කළුතර දිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත. නාහිමියන් පිළිගැනීමේ මහෝත්සවය අප්‍රේල් 02 ප.ව. 3.00ට විහාරස්ථානයේදී පැවැත්වේ.