තිරප්පනේ කසිප්පු ජාවාරමක් පොලිස් දැලේ

Date:

මිහින්තලේ – සුමේධ කරුණාරත්න

මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් සැකකරුවන් දෙදෙනකු සමඟ තිරප්පනේ සෙලෙස්තිමඩුවේදී අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ සෙලෙස්තිමඩුව නාච්චාදුවේ වයස අවුරුදු 50ක හා 43ක සැකකරුවන් දෙදෙනෙකි. මොවුන් තිරප්පනේ කුරුන්දන්කුලම වැවේ දෙකෙළවරේ කලක් තිස්සේ මහා පරිමාණයෙන් ජාවාරම පවත්වාගෙන ගොස් ඇත. අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව වැටලීම කර තිබිණි. 

වයස අවුරුදු 50ක් වූ සැකකරු සතුව තිබූ ගෝඩා මිලි ලීටර් පන්ලක්ෂ හතළිස් දෙදහස් දෙසිය පනහක් (5,42,250)ක් අඩංගු බැරල් 03ක්ද අනෙක් සැකකරු සතුව ගෝඩා මිලි ලීටර් එක් ලක්ෂ අසූදහස් හත්සිය පනහක් (1,80,750) අඩංගු එක් බැරලයක්ද අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.ඒ.එස්. අලුත්ගෙදර පැවැසීය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. තිරප්පනේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share post:

ජනප්‍රිය

එවැනි තවත් පුවත්
එවැනි තවත් පුවත්

සර්වපාක්ෂික විජ්ජාව ආණ්ඩුවේ ගුණ්ඩුවක් වෙලා

රාජපක්ෂලාගේ කුණු ලොරි බවට සජබ කිසිවකු පත් වන්නේ නැතැයි...

Prey බලපු හැමෝම පිස්සුවෙන් හොයන රණශූර කෙල්ල

කොමාන්චේ නම් ගෝත්‍රය මීට වසර 300කට පමණ පෙර භයානක...

පුංචි ඡන්දය මාර්තු 10ට පෙර පැවැත්වීම අනිවාර්යයි

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු 10ට පෙර අනිවාර්යයෙන්ම...

බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගිය පෙම්වතා හා තවත් අයෙක් ඉඊජ් දැලේ

ඉකුත් 03 වැනිදා බාලවයස්කාර දැරියක් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ලුණුගල...