ජනතාව එලවන්න කලින් ‘බැසිල්’ නම්බුපිටින් ගෙදර යන්න

0
16

“බැසිල් රාජපක්‍ෂ ඇමැතිට කියනවා ජනතාව පාරට බැහැලා එළවලා දාන්න කලින් නම්බු පිටින් ගෙදර ගියොත් හොඳයි කියලා” යැයි නාරාහේන්පිට අභයාරාමාධිපති මුරත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. 

මෙරට ඡන්ද පැවැත්වෙන විට බැසිල් රාජපක්‍ෂ මහතා පිටරටකට පලාගොස් සිට නැවතත් ලංකාවට පැමිණෙන ඉතිහාසයක් ඇති බැවින් එක් කකුලක් ලංකාවෙත් අනෙක් කකුල ඇමෙරිකාවෙත් තබාගෙන සිටින පාලකයන් මෙරටට අවශ්‍ය නැතැයිද මුරුත්තෙට්ටවේ ආනන්ද හිමියෝ පැවැසූහ. 

ජනාධිපතිවරයා වෙත භාරදීම සඳහා භික්ෂුන් වහන්සේලා තිස් නමකින් යුතුව යෝජනාවලියක් සම්මත කර ගැනීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙසේද සඳහන් කළේය.

මම හාමුදුරුවෝ තිස් නමකට පමණ ආරාධනා කළා. අපේ ඉදිරි වැඩපිළිවෙළ ගැන කෙටි සැලැස්මක් හදාගන්න අවශ්‍ය නිසා. 

අද මේ සාකච්ඡාව පැවැත්වීමට හේතුව තමයි කවුරුත් දන්න. පසුගිය කාලය තුළ, මෙයට වසර දෙකකට පමණ කලින් අපේ රටේ ජනතාව  මහත් කලකිරීමට පත්ව සිටියා. ඒ තමයි. අපේ රටට අවශ්‍ය නායකයෙක්ගේ අඩුපාඩුව. 

නායකයෝ ගොඩක් ඉන්නවා. ඒ වගේම ලොක්කොත් ඉන්නවා. නමුත් රටට ඕනෑ වෙලා තිබුණේ ලොක්කේ නෙමේ හරි නායකයෙක්. එදා ජනතාවට හොඳට කැපී පෙනුණු නායකයෙක් තමයි ආරක්‍ෂක ලේකම් ධුරය දරමින් එදා කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. 

එදා ආරක්‍ෂක ලේකම් ධුරය දරමින් එතුමා කළ වැඩ කොටස දැක්කම හැම කෙනා තුළම ලොකු ප්‍රසාදයක් ඇති වෙලයි තිබුණේ. එතුමාට මීට වඩා ලොකු බලයක් දුන්නොත් රට මීට වඩා ලස්සන කරයි. අලංකාර කරයි. රට ඉදිරියට ගෙන යයි කියන මතය තිබුණා. 

එදා යහපාලන කාලයේදී ජනතාවට එපා වෙලා තිබුණේ. මොකද රටේ සම්පත් විකුණ විකුණ මේ රට ගෙන යෑමේ සංකල්පයක් ඇතිවෙලා තිබුණ නිසා ජනතාව තුළ එන්න එන්නම පැවැති කලකිරීම වැඩි වුණා. ඒක නිසා ජනතාව අලුත් නායකයෙක් ගැන සිතුවේ. 

ඉස්සර ඉඳලම මේ රටේ මොකක් හරි ගැටලුවක් වෙනකොට මහා සංඝරත්නය ඉදිරියට ඇවිත් කටයුතු කළා. එහෙම ඉතිහාසයක් තමයි අපිට තිබෙන්නේ. යහපාලන ආණ්ඩුව මේ රට විකුණන් කනකොට තමයි අපි පෙරමුණ අරගෙන කටයුතු කළේ. 

නමුත් කුමක හෝ ගැටලුවක් හේතුවෙන් ඒ කියන්නේ කොරෝනා උවදුරෙන් අපි දන්නවා මේ රටම වෙළාගෙන ප්‍රශ්න තිබුණා. අපි ඒක බැහැර හැරලා නෑ. 

අපේ රට අද ආර්ථික වශයෙන් පුදුමාකාර විදිහට කඩාගෙන වැටිලා. 1948 පස්සේ මේ රටේ බලයට පත් වුණු නායකයන්ගේ වැඩිම බැනුම් ප්‍රමාණයක් අහපු එකම නායකයා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා කියලා කිව්වොත් ඒක ඕනෑම කෙනෙක් පිළිගන්නවා. 

ඒක හංගන්න ඕනෑ. 

එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙනකොට තිබූ සතුට අද ඇත්තේම නෑ. මම එතුමාට ‍ෙදාස් කියන්නෑ. මොනවා හරි හේතු ඒකට බලපාන්න ඇති. 69 ලක්‍ෂයක ඡන්දය අරන් දුන්නා කියන එක නෙවෙයි කියන්නේ. ඊට වඩා ජනතාව ලොකු කලකිරීමකින් ඉන්නේ. 

අපි දැකලා නෑ. මෙහෙම පෝලිම් යුගයක්. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ කාලේ පෝලිම් තිබුණා. එදා එතුමිය මඤ්‍ෙඤාක්කා වවනකොට රේල් පාරෙත් වවනවා කියලා කිව්වා. ජේ.ආර්. ජයවර්ධන මහත්යා අධිවේගී හදනකොට අපේම අයත් ‍ෙදාස් කිව්වා. වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වෙනකොට තිබුණු ඒ ප්‍රතිපත්ති, අරමුණු ඔක්කොම දැන් නැතිවෙලා. පක්‍ෂ – විපක්‍ෂ සියලුම දෙනාගේ අප්‍රසාදයට ලක්වෙලා. දවසින් දවසම සතියෙන් සතියට දැන් මේ ප්‍රශ්න වැඩි වෙමින් පවතිනවා කියලා අපිට පේනවා. 

එක එක්කෙනාට ඇඟිල්ල දිගු කරලා බෑ. තමන් බලයට පත්වෙන්න ඕනෑ කියලා හිතලත් වැඩක් නෑ. නායකත්වයට වඩා අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගෙන් සිදුවෙන රටට යහපතයි. යම් යම් අය බලයට පත් කරනවට වැඩිය අපි බලන්නේ රට ගොඩයන විධියක් ගැනයි. 

දැන් අපි වෙච්ච දේ දන්නවා. වෙන්න යන දේත් දන්නවා. ඒක නිසා කරන්න තිබෙන්නේ වෙන්න යන දේ දැනගෙන වෙන්න තියෙන දේ අවම කරගැනීමයි කළ යුතු වන්නේ. 

අපිට කෑම ටික දෙන ගොවියෝ අසරණ වෙලා. සිවුපසය සපයන දායකයෝ අසරණ වෙලා. ඒක නිසා මෙහි එක අරමුණක් තමයි සවුපසය සපයන ජනතාව ආරක්‍ෂා කර ගැනීම. එහෙම නැතිව එක එක දේශපාලනඥයන් කියන විදිහට වැඩ කරන්න අපි ලෑස්ති නෑ.

ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයට අපි කලිනුත් කිව්වා මේ රටේ නිසි කළමනාකාරීත්වයක් නෑ කියලා. ඒකයි මෙහෙම වුණේ. අපේ එකම බලාපොරොත්තුව පිරිහී යන රට නැවත ගොඩගන්න එක. එක එක නායකයෝ නිකන් බොරුවට පත් කරගෙන වැඩක් නෑ.

එක එක ඇමැතිවරු වේදිකාවල ගිහිල්ලා කියන ඒවා වැඩක් නෑ. දේශපාලනය කියන්නේ පාර්ලිමේන්තුව කියන්නේ තක්කඩියන්ගේ ස්ථානයක් කියලා කියන්න ඕන.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිට කියන්න ඕන දැන්වත් ඔබතුමා වැරැදුණේ කොතැනද කියලා සොයන්න. මේ රට මෙහෙම ඇද වැටුණ හේතුව හොයන්න කියලා බය නැතිව කියනවා. එහෙම නැතිව දාම් ඉත්තෝ වගේ ඇමැතිවරු එහාට මෙහාට මාරු කරලා වැඩක් නෑ. අපේ ගොඩක් අයට පළපුරුද්දක් නෑ, කළ පුරුද්දක් නෑ.

ගෝඨාභය රාජපක්‍ෂතුමාට කියන්න ඕන එදා ඔබතුමා පත්වෙන කොට අපිට ඇතිවුණු සතුට අවුරුද්දක් ඇතුළත නැතිවෙලා ගියා නම් ඒකට හේතුව හොයන්න. අපේ පරම යුතුකම තමයි රටත් ආරක්‍ෂා කරගෙන මහජනතාව පරිස්සම් කරගන්න එක.

අපි ජනතාවට කියනවා ඔබගේ දුක ගැන අපිටත් දුකයි. ජනතාවට කියනවා එයාලා වෙනුවෙන් බඩගින්නෙ ඉන්න වුණත් අපි ලෑස්තියි කියලා. ජනාධිපතිතුමාට කියනවා අපිට ඇහුම්කන්දීලා මේ ගමන යමු කියලා.

නැතිනම් අපිටත් වෙන ගමනක් පිළිබඳව හිතන්න වෙයි කියලා බොහොම බය නැතිව කියනවා. තරුණයකුට මම කිව්වා එදා ඔයාලා ඇන්ද චිත්‍රවල තීන්ත ටිකක් ගාන්න කියලා. ඒත් ඔහු කිව්වේ දැන් තීන්ත ගාන්න තිබෙන්නේ ගෝඨාභයගේ පිටේ කියලා. ඒ විදිහට ජනතාවට ගොඩක් කලකිරිලයි ඔවුන් ඉන්නේ.

බෙල්ලන්විල විමලරතන හිමි

මහා සංඝයාත් මැදිහත් වෙලා ඉතාම තියුණු වෙලාවක තමයි මේ ආණ්ඩුවට බලය අරන් දුන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණා.

අපි හිතුවා රට හොඳින්, ලස්සනට කරගන්න පුළුවන් පාලනයක් ඇතිවෙයි කියලා. කොවිඩ් උවදුරත් ඇත්තටම යම්තාක් දුරකට අපිට තර්ජනයක් වුණා තමයි. නමුත් දැන් මේ ප්‍රශ්න සියල්ලම ඒක පිටින් යවන්න ආණ්ඩුවට බෑ. වෙන රටවලටත් කොවිඩ් ආවා වගේම ඒ රටවල් ඒ සියල්ලම දේවල් දරාගෙන මේ විදිහට වැටුණේ නෑ.

දැන් මේ රටේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්නවලදී පාලකයෝ මැදිහත් වෙලා ඒවා විසඳන්නේ නෑ කියලා මහජනතාව දන්නවා. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නෑ වගේ ප්‍රශ්න අවසන් වුණාට පස්සේ ක්‍රියාමාර්ග ගන්න බලන් ඉඳලා වැඩක් නෑ.

මේ ප්‍රශ්නවලට පියවරක් ගන්න ජනාධිපතිවරයා තවමත් පරක්කු නෑ. 1948 වසරේ ඉඳලා විවිධ අමාරු අවස්ථාවලට මුහුණ දීපු ඉතිහාසයක් අපිට තිබෙනවා. ඒත් මෙච්චර මෙහෙම අසීරු කාලයක් තිබිලා නෑ.

දැන් වෙලා තිබෙන්නේ හෙට උදේ නැඟිටිනකොට මොනවා වෙලා තිබෙයිද කියලා හිතන්න. මහා සංඝයා හැටියට අපිටත් මේ අවස්ථාවට දැන් මැදිහත් වෙන්න සිද්ධ වෙලා. යහපාලන කාලයේ මෙරටට වෙන්න ගිය තර්ජනවලට එරෙහිව අපි සටන් කළා වගේම මේ ආණ්ඩුවට විරුද්ධවත් දැන් සටන් කරන්න වෙලා.

සර්ව පාක්ෂික සමුළුවට විරුද්ධව මම කතා කරන්නේ නෑ. නමුත් ඊට සහභාගි වුණු අය දැක්කම කතා කරපුවා ඇහුණම ආයිත් මේ රටේ ජාතිවාදයක් ඇති කරන්න යනවද කියලා හිතෙනවා.

එම අවස්ථාවට සහභාගි වූ සුමන්දිරම් ඇමැති 13 වැනි වගන්තියට එහා ගිහිල්ලා මේ රටේ ජාතිවාදයක් හදන්න කටයුතු කරනවා. ද්‍රවිඩ ජනතාවට වෙනම රටක් ඉල්ලලා. එතුමා මේ කරන්න හදන්නේ ප්‍රසිද්ධියේම ජාතිවාදය හදන එකයි. අපිත් මේවා කතා කරලා ජාතිවාදයක් හදන්නේ නෑ. නමුත් මේ රටේ කොහොමද එහෙම රාජ්‍යයන් දෙකක් පවත්වාගෙන යන්නේ.

ඒ වගේම තමයි ඩයස්පෝරාව කියලා කියන්නෙත් ලංකාවේ පාලනයට එරෙහිව පිටරට ඉඳලා ඇඟිලි ගහන එකක්. අපි හොඳටම දන්නවා මහින්ද රාජපක්ෂ එංගලන්තයට ගිය වෙලාවෙත් ඒ ඩයස්පෝරාවෙන් එතුමට කතා කරන්න දුන්නෙ නෑ.

එවැනි සංවිධානයකින් මෙරටට සහාය ලබාගන්න පුළුවන් කියලා සුමන්දිරම් ඇමැතිතුමා කිව්වා. නමුත් ජනතාව කොච්චර අමාරුවෙන් අඟහිඟකම් මැද්දේ ජනතාව පෝලිම්වල හිටියත් නැවත වතාවක් කබලෙන් ළිපට වැටෙන්න අපිට හැකියාවක් නෑ. එහෙම උදව්වක් ගත්තොත් ලංකාවේ කෑල්ලක් කැඩිලා වෙනම රටක් බවට පත්වෙන එක නතර කරන්න බෑ.

ඇමෙරිකාවත් ලංකාව දිහා නිතර බලන රටක්. එයාලා හැදුවේ ර්ඛ්ඛ් වගේ ගිවිසුම් ගහලා ලංකාවත් එයාලට නතු කරගන්න. ධ්ර්ජ් එක කියන්නෙත් ඇමෙරිකාව සමඟ සම්බන්ධ දෙයක්. ඇමෙරිකාවේ බළල් අතක්. මේ වගේ අවස්ථාවක ධ්ර්ජ් ගිහිල්ලත් මේ රටේ ප්‍රශ්න විසඳන්න කියන නායකයෝ ඉන්නවා. එහෙම වුණොත් ඇමෙරිකාවෙන් අපිට ගැලවෙන්න බැරි වෙයි.

මේ රටවල ලංකාව අතකොලුවක් බවට පත්වෙද්දී චීනය හැමදාමත් අපිට උදවු කළා. සංවර්ධනය නඟා සිටුවන්න ගොඩක් රටවලට උදවු උපකාර කළ රටක් තමයි චීනය. නමුත් වත්මන් ආණ්ඩුවේ ගැටලු හේතුවෙන් චීනයත් දැන් අපිට උදවු කරන්නෙ නෑ වගේ.

අපි රනිල් වික්‍රමසිංහයන්ට විරුද්ධ නෑ. ඒත් එතුමා ධ්ර්ජ් යන්න කියලා නිතරම කියනවා එතුමා තමයි ඇමෙරිකාව පිළිගත්ත එකම නියෝජිතයා මෙරට ඉන්න. මේ වගේ අවස්ථාවක එතුමා මේ රට කොතැනට ගෙනියයිද කියලා කියන්න අමාරුයි.

මේ රටට ඕන කරන්නේ සමාජවාදී අදහස්වලට ගරු කරමින් ගෙනියන්න පුළුවන් පාලන ක්‍රමයක්. එහෙම නැති වුණොත් අපිට රටවල සහාය ගන්න බැරි වෙයි. මේ ප්‍රශ්නවලට ධ්ර්ජ් වල සහාය ගන්න යනවා නම් අපි ඉතා ප්‍රවේශම් විය යුතුයි.

දැන් රටේ ජනතාව මේ වගේ වෙලාවක විරෝධතා දැක්වීම ගැන පුදුම විය යුතු නෑ. නමුත් එහෙමයි කියලා තවත් පක්ෂවල දේශපාලන අතකොලු නොවිය යුතුය. මහජනතාව ස්වාධීනව තමන්ගේ අදහස් ඉදිරිපත් කළ යුතුයි.

අපි බටහිර රටවලට ගැති වෙනවද නැතිනම් කොහොමහරි තව තවත් තමන්ගේ ස්ථාවර බව තබාගන්නවද කියලා දැන් හිතන්න ඕන කාලේ ඇවිත්.

පරදූවේ ජිනරතන හිමි 

රටේ මිනිස්සු හැමතැනම කතා කරමින් ඉන්න වෙලාවක අපිත් තව තවත් කතා කරමින් ඉඳලා හරියන්නේ නෑ. අද මම ආවෙත් අමාරුවෙන් තෙල් ටික ගහගෙන.

මම ගමක ඉන්න නිසා දන්නවා අපේ ගම්වල මිනිස්සු අසරණයි. කන්න බොන්න නෑ. පෝලිම්වල. මේ වගේ වෙලාවක අපිත් වේදිකාවල නැඟලා කෑ ගහල තවත් බලන් ඉඳලා වැඩක් නෑ.

අපි ඉක්මනටම අගමැතිතුමා හමුවෙනවා. එතැනදී මං මුලින්ම කියනවා අපි ආවේ ඔබතුමාලා කියන දේවල් අහගෙන ඉන්න නෙවෙයි. කතා කරලා යන්නයි ආවේ කියලා කියනවා.

ඇත්තටම ඒ වෙලාවේදීත් කියන්න තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ බඩගින්න නැති කරහං කියන එක ත මයි. අපේ රටේ මිනිස්සු වැඩියෙන්ම කන්නේ පරිප්පු. දැන් ඒකත් කන්න විදිහක් නැති තරමට නැති කරලා. මම නුවර ඉඳලා එනකොට මගේ බෙහෙත් ටික ගන්නත් ෆාමසි 9කට යන්න සිද්ධ වුණා.

එදා මෙදා තුර වංචා කරපු එවුන් ටික අල්ල  ගත්ත නම් අද මෙහෙම තත්ත්වයක් ඇති නොවෙන්න තිබුණා. මේ ආණ්ඩුවට බලය දුන්නොත් එහෙම කරන්න අවශ්‍ය නිසයි. දැන් මේවා තවදුරටත් කතා කරලා වැඩක් නැති තත්ත්වයකට පත්වෙලා.

අපි පාරට බැහැලා මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න කියලා කියන්න වෙලා. මේ රටේ ගම් විහාර තවත් හදන්න අවශ්‍ය නෑ. ඒවා පසුවට කල්දාලා මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න.

මම මේ හාමුදුරුවන්ගෙනුත් වැඳලා ඉල්ලනවා තවත් මාධ්‍ය හමු සාකච්ඡාවල් තියන්න එපා. කවුරු කවුරු හරි එකතු කරගෙන පාරට බහිමු කියලා තමයි කියන්නේ.

පැපිලියානේ සුනේත්‍රාදේවි පරිවේණාධිපති මැදගොඩ අභයතිස්ස හිමි

2015දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා බලයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තරය මුල්වුණු කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළෙක් ක්‍රියාත්මක වෙනවා අපි හො¼දාකාරවම දැක්කා.

ඒ වගේම යහපාලනය නමින් ගෙන එන මෙම ක්‍රමය තුළ යහපාලනයක් නොව එය කිසියම් ආකාරයේ බෙදුම්වාදයට, විජාතිකවාදයට පාර කපන්නක් බවට අපි දැනගෙන හිටියා. ඒ අනුව ලංකාවේ පාලනය ජාතිකත්වය අගයන පිරිසකට ලබාදිය යුතු බවට වැඩපිළිවෙළ ඇතුළේ රටේ බහුතරයක් ජනතාව සහ මහා සංඝරත්නය ඇතුළු පිරිස කටයුතු කළා.

ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වුණා. එහෙම පත්වෙලා තුන්මසක් යනකොට ජනතාව කිව්වා අපි දුන්න ඡන්දයට නියම වටිනාකමක් ලැබුණා කියලා. එතුමා රටට යහපත් විනිවිද බවින් යුතු වැඩපිළිවෙළක් හඳුන්වා දීම කරමින් තිබුණා.

ජනතාව විශාල ආදරයක් පවා ගොඩනැඟෙමින් තිබුණා එතුමාගේ ක්‍රියා කලාපයත් සමඟ. නමුත් ආදරය ගිලිහී යන ක්‍රියාකලාපයක් ඔස්සේ මිනිසුන්ගේ ආදරය දැන් ගිලිහී ගිහිල්ලා. ඒ වෙලාවේ ගතයුතු තීන්දු නොගෙන තීන්දු ගැනීමට අවශ්‍ය දේවල් දැන් මිනිස්සු කතා කිරීමට ලක්වෙලා.

උදාහරණයක් විදියට කොරෝනා හැදුණු මිනිස්සු වළදමන තීන්දුව පිළිබඳව සාකච්ඡා කරන කොට ඒක මහජනතාවගේ සාකච්ඡාවට ලක් කරන පරිදි තත්ත්වයකට වැටුණා.

මේ ප්‍රශ්න නිසා රාජපක්ෂවරු පිළිබඳව පවතින ආදරය දවසින් දවස ගිලිහී ගිහිල්ලා. ආණ්ඩුවේ මර්මස්ථානය බවට පත් වුණේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය.

ද්විත්ව පුරවැසියන් අපේ රටේ බල දේශපාලනයට ඇතුළත් නොකිරීමේ වගන්තිය ඒ හරහා ඉවත් කර ගැනීම තුළින් එයාලා බලාපොරොත්තු වුණේ මොකක්ද කියලා දැන් තේරෙනවා. තමන්ම විහින් බෝ කරගත්තු හොරියක් බවට දැන් පත්වෙලා.

69 ලක්ෂයක් විතරක් නෙවෙයි අනෙකුත් පුද්ගලයන්ගෙත් සුරක්ෂිත භාවය නැති වේගෙන යනවා කියන මතයක් අපි හැමෝගෙම ගාව තිබුණා. නමුත් ඒ දේවල් තුට්ටුවකට මායිම් නොකර තීන්දු ගත්තා. 

හැම වෙලාවෙම නායකයා සත්‍යවාදී වියයුතුයි. හැම වෙලාවෙම ජන නායකයාට දේවල් නොතේරෙන්න පුළුවන්. නායකයා සියල්ල නොදැන ගත්තත් නායකයා තමා සියල්ල නොදන්නා බව දැනගත යුතුයි.

ඒ නිසා දන්නා මිනිසුන් තමා වටා එකතු කරගෙන ඔවුන්ගෙන් උපදෙස් ලබාගෙන මේ ගමන යා යුතුයි. හැබැයි උපදෙස් ගන්න යොදාගත්තේ ඒවාට නුසුදුසු පුද්ගලයන්ගෙන්. අර්බුදවලට විසඳුම් සෙව්වේ අර්බුද මවපු පුද්ගලයන්ගෙන්. උදාහරණයක් විධියට පී.බී. ජයසුන්දර. ඔහු මේ රටේ අර්බුද මවපු කෙනෙක්. එහෙම වෙලත් ඔවුන්ට ප්‍රමුඛව සැලසුවා. 

බුලත්විට කඩයක් කරන මිනිහෙක් වුණත් දැනගන්න ඕන මූලික කාරණා. නමුත් ඒවා අමතක කරලා මුළාවකට අහුවෙලා වගේ රට පාලනය කරපු නිසා එහි ප්‍රතිඵල තමයි අද අපි මේ භුක්ති විඳින්නේ.

තරිඳු නානායක්කාර

ඡායා :- මංජුල දයාවංශ, කසුන් චාමර