ගුණසේන ගීකියනගේ ලියූ ‘නෙත් රූ පාමුල’ හෙට එළිදකී

0
37


දශක හතරකට ආසන්න කාලයක් ශ්‍රී  ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කර හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස කටයුතු කරමින් සිටියදී විශ්‍රාම ලැබූ ගුණසේන ගීකියනගේ මහතා විසින් රචිත ‘නෙත් රූ පාමුල’ කෘතිය ජනගත කිරීම හෙට 02දා උදේ 9.00ට හොරණ මිල්ලෑව කිඳෙල්පිටියේ ශ්‍රී  පුඤ්ඤරතන පිරිවෙන්හි ධර්මශාලා  පරිශ්‍රයේදී සිදුකෙරේ. පහතරට නර්තනවේදීන්ගේ සංවිධානයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන ගුණසේන ගීකියනගේ මහතා සිය පොලිස් සේවා කාලය තුළදී මෙරට මෙන්ම විදේශ රටවලද පහතරට නර්තන ප්‍රසංග හා ශාන්තිකර්ම පවත්වමින් එම කලාව ලොවටම හඳුන්වාදීමට කටයුතු කළේය.