කැලණිතිස්ස ඩවුන්

0
20


චාමර අමරසූරිය

මතුව ඇති උග්‍ර ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රධාන තාප විදුලි බලාගාරයක් වන කැලණිතිස්ස බලාගාරයද ඊයේ (31දා) පස්වරුව වන විට අක්‍රිය වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජේ‍යෂ්ඨ නිලධාරියකු මව්බිම කළ විමසුමකදී පැවැසීය.

දින කිහිපයක සිට කෙරවලපිටිය හා සොජිට් යන ප්‍රධාන බලාගාරයන්ද අක්‍රියව පවතින බවද එම නිලාරියා සඳහන් කළේය.

කෙරවලපිටිය හා සොජිට් බලාගාරයන්ට නැවත පණ ගැන්වීම සඳහා ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්දීය ඔයිල් සමාගමට අයත් තෙල් ටැංකි සංකීර්ණයෙන් ඩීසල් මෙටි්‍රක්ටොන් 6000ක් හදිසි ඇනවුමක් ලෙස ඉල්ලා ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.