කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල අගමැති ප්‍රධානත්වයෙන්

0
27


තරිඳු නානායක්කාර

ඡායා: කැලුම් චාමර

කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ කලා ශිල්පීන් ඇගැයීම සඳහා පවත්වන 37 වැනි කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. පසුගිය වසරට අදාළව පැවැති මෙම උත්සවයේදී විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන කලාවේදීන් 200 දෙනකුට සම්මාන හිමි විය. 

මෙම අවස්ථාවට ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණි අනෝජා ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.