ඔබේ ශ්‍රවණ උපකරණය රැක ගැනීමට

0
19

සමීපතමයන් හට ඇහුම්කන් දීමේ වටිනාකම ඔබ ඉතාමත් හොඳින් දන්නා නිසාම ඔබේ ශ්‍රවණ උපකරණයේ ආරක්ෂාව මෙන්ම එහි කල් පැවැත්ම රැක ගැනීම ඉතා වැදගත් වේ. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම මැද ශ්‍රවණ අපහසුතා මඟහරවා ගැනීමට ඔබ හෝ ඔබගේ ආදරණීයන් මිලදී ගන්නා ශ්‍රවණ උපකරණය කෙතරම් කාලයක් නිසි ලෙස පරිහරණය කළ හැකිද යන්න සැමගේ අවධානය යොමු වන කරුණකි. ශ්‍රවණ උපකරණයක් සඳහා ඔබ කරන ආයෝජනයේදී ඔබට එමඟින්  ලැබෙන ප්‍රයෝජනය මෙන්ම එහි නිසි නඩත්තු කටයුතු සිදු කිරීමට ඇති හැකියාව සලකා බැලිය යුතුය. එමඟින් ඔබේ ශ්‍රවණ උපකරණයෙන් උපරිම ප්‍රයෝජනයක් ඔබට ළඟාකර ගත හැකිය. ඔබේ සුපැහැදිලි ශ්‍රවණය ගැන සැලකිලිමත් වන විෂන් කෙයා අපි අද ඔබ සතු ශ්‍රවණ උපකරණ නඩත්තු කිරීම පිළිබඳ තොරතුරු ඔබ හමුවට ගෙනෙමු. 

ශ්‍රවණ උපකරණක් යනු කුඩා ඉලෙක්ට්‍රොනික උපාංගයකි. නමුත් ඔබ භාවිත කරන අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග මෙන් නොව එය නිතර කනෙහි පලඳින නිසා, දහඩිය හා දුහුවිලිවලට නිතර නිරාවරණය වේ. එලෙස රැ‍ෙ¾දන දූවිලි, තෙතමනය හා දහඩිය නිසි ලෙස ඉවත් කරගත හැක්කේ නියමිත ලෙස සිදුකරන ලබන ශ්‍රවණ උපකරණ සේවා කිරීමක් මඟිනි. එමඟින් ශ්‍රවණ උපකරණය ඇතුළත රැඳී ඇති දහඩිය, දුහුවිලි, මල බැඳීම් ඉවත්කර උපකරණය වඩා කාර්යක්ෂමව ක්‍රියාත්මක කරවන අතර එහි කල් පැවැත්ම දිගු කරවයි.

නමුත්, ඔබට දිගින් දිගටම ශ්‍රවණ උපකරණය සේවා කර ගැනීම මඟහැරෙයි නම්,

● එහි පරිපථය දහඩිය තෙතමනය එකතු වී මල බැඳීමට ලක්විය හැකිය.

● තෙතමනය මඟින් පරිපථය විනාශ විය හැකිය. 

● දුහුවිලි හා කලා¾දුරු බැඳී ශ්‍රවණ උපකරණ ක්‍රියාකාරිත්වය අවහිර විය හැකිය. 

● බැටරිය භාවිත කළ හැකි කාලසීමාව අඩු විය හැකිය.

● ශබ්ද පාලක (volume control)  හෝ අනිකුත් ස්විච අක්‍රිය විය හැකිය.

සාමාන්‍යයෙන් ශ්‍රවණ උපකරණයක් සඳහා මාස තුනකට වරක්වත්  නිසි නඩත්තු/සේවා (service) කිරීමක් ලබා දිය යුතුය. ඒ සඳහා ඔබ පළපුරුදු ශ්‍රවණ උපකරණ විශේෂඥයන්ගේ සහාය අනිවාර්යෙන් ලබාගත යුතුය. දිවයිනේ ප්‍රමුඛතම ශ්‍රවණ සෞඛ්‍ය සේවා සැපයුම්කරුවන් ලෙස විෂන් කෙයා අපි, ඔබගේ ශ්‍රවණ උපකරණය රැකබලා ගැනීමට ඔබට සහාය වන්නෙමු. එනිසාම විෂන් කෙයා වෙතින් ඔබ මිලදී ගන්නා සෑම ශ්‍රවණාධාරයක් සඳහාම මාස තුනකට වරක් නොමිලේ සේවා වාර ලබා දීමට අප කටයුතු කර ඇත.

වැඩි විස්තර සදහා අමතන්න. 0777767610