ඉන්දියානු නැව හෙට ආවොත් කැපිල්ල පැය 04කට බස්සනවා

0
13


සඳුනි ගමාරච්චි

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ලැබීමට නියමිත ඩීසල් රැගත් නැව හෙට (02දා) පැමිණීමෙන් පසු විදුලි කප්පාදුව දිනකට පැය 04කට වඩා අඩු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනෑන්ඩු පැවැසීය.

එමෙන්ම 2023 වසර වනවිට මෙගාවොට් 200ක් සහ ඊට අමතරව පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමත කළ මෙගාවොට් 150ක ගෑස් ටර්බයින් තුන මිලදී ගැනීමෙන් පසු 2024 වනවිට උද්ගත වී ඇති ධාරිතා අර්බුදය විස¼දා ගැනීමට හැකි වන බවද සභාපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (31දා) පැවැති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා මෙසේ පැවැසීය.

ඛනිජ තෙල් අන්තරාදායක භාණ්ඩයක් ලෙස නම් කර ඇති හෙයින් මේ දක්වා ලංකා විදුලි බල මණ්ඩලයට ඛනිජ තෙල් ගෙන්වීමට හෝ බෙදාහැරීමට බලපත්‍ර ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා නොදුන් බව ෆර්ඩිනෑන්ඩු මහතා කීය.

ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාව හරහා ලංකා විදුලි බල මණ්ඩලයට ඛනිජ තෙල් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බවද සභාපතිවරයා පැවැසීය.

මේ වනවිට ඛනිජ තෙල් සඳහා රුපියල්වලින් ගෙවීම් කිරීමට සැපයුම්කරුවෙක් එකඟ වී ඇති බවද සභාපති එම්.එම්.සී. ෆර්ඩිනෑන්ඩු වැඩිදුරටත් සඳහන් කළේය.