අවුරුද්දට කල් තියා සූදානම් වෙමු

0
25


අලුත් අවුරුද්ද කියන්නෙ කොච්චර සංස්කෘතික බැඳීම එක්ක ඉන්න මිනිස්සු නොවූවත් යම් තරමකට හෝ සංස්කෘතික මිනිස්සු බවට පත්වෙන කාලයක්. ඒ කාලෙට මොක නැතත් තෑගි හුවමාරුව සිද්ධ වෙනවා. නෑගම් යන එක සිද්ධ වෙනවා. අපි වෙනුවෙන් අපි විතරක් වුණාට අනුන් වෙනුවෙන් අපි කියන සංකල්පය පෙරටම එනවා. මේ සිද්ධිය නිසා අලුත් අවුරුද්ද ළං වෙද්දී අපි මේ ලියන්නෙ තෑගි ගන්න යද්දී හිතන්න ඕන දේවල් ගැන. ඒ වගේම ගන්න තෑගි දෙන විදිය ගැනත් හිතන්න. සමහරු මේ කියන සියලු දේ අමතක කරල චාරිකාවක් යන්න දා ගන්නවා. ඒක එතරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද ගමේ ඉන්න අම්මා, තාත්ත ඔයා එනකන් මඟ බලාගෙන ඉන්නව. එයාලගේ ගිණුම්වලට සල්ලි දාල ගෙදර යන එක අමතක කරන්න එපා.

තෑගි බෝග ගනිද්දි කල් තියා ගන්න එක හැම අතකින්ම හොඳයි. මොකද තමන්ගේ කලින් මාසයේ පඩිය ඒ වෙනුවෙන් වැය කරන්න පුළුවන්. ඒ වගේම තේරුණු දේවල් ගන්නේ නැතිව අලුත් දේවල් ගැනීමේ හැකියාව තියෙනවා. නැත්නම් අවුරුද්ද ළංවෙලා ගියාම සෑම සාප්පුවක් පාහේම සෙනඟින් ඉතිරිලා යනවා වගේම ඔයාට ඒ සෙනඟ අස්සේ තෙරපෙන්න වෙනවා. ඒක ඔබේ සෞඛ්‍ය ආරක්ෂාවට ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද ඔබ මේ ගෙවමින් සිටින්නේ පශ්චාත් කොරෝනා සමයකයි.

සමහර තෑගි තියෙනව ඒවා දෙන්න යන්න වෙන්නෙ නෑ. හැබැයි නොදිත් බෑ, අන්න ඒ වගේ අවස්ථාවල කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි පාර්සලයක් විදියට තැපැල් කිරීම හෝ කුරියර් කිරීම වැදගත්. එහෙම නැතිව තැපැල් කරද්දී අවුරදු ළං වෙනකං ඉන්න එක නුවණට හුරු නෑ. මොකද පාර්සල් පෝලිම සහ නිවාඩු කාලේ නිසා අදාළ කාලයේදි ඔයාගෙන් තෑග්ග ලබන කෙනාට ඒක නොලැබෙන්න පුළුවන්. ඒ නිසා ඒ වැඩේ වේලාසනින් ඉවර කරන්න. ඒක ඒ අයටත් සතුටක් වේවි.

සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දට තෑගි දෙන්න පුරුදු වෙලා තියෙන්නෙ ඇ¾දුම්ම විතරනෙ. සීයට සරම්, ආච්චිට චීත්ත, තාත්තට ෂර්ට්, අම්මට සාරි වගේ අපි පුරුදු වෙච්ච තෑගි ලිස්ට් එකක් තියෙනවා. ඒව වෙනස් වුණා කියා ගැටලුවක් නෑ. මොකද මේ කාලයට ගැළපෙන ඕනෑම දෙයක් තෑගි විදියට දෙන්න පුළුවන්. ඒ තෑගි ඒ ඒ අයගේ වයස්වලට ගෑළපෙනවා නම් එච්චරයි. ඒ අය ඒ දේවල් ආසාවෙන් භාවිත කරන්නේ එතකොට. කොහොම වුණත් තෑග්ග විදියට ඇ¾දුමක්ම ගන්න ඕන කියල හිතෙනවනං, ඇ¾දුම තමයි දෙන්න තියෙන හොඳම තෑග්ග කියල හිතෙනවනං, එහෙනම් ඉතිං ඇ¾දුමක්ම දෙන්න. ඇ¾දුමත් ඉතිං හැමදාම දෙන ඇ¾දුමම වෙන්න ඕන නෑ. ටයි එකක්, බෙල්ට් එකක් වගේ තෑගි වගේම ඇ¾දුම් වෙනුවෙන් පාවිච්චි වෙන අනෙකුත් අංග සහ නවතාවකින් යුතු ඇ¾දුම් වගේ දෙයක් දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒක හැම අවුරුද්දෙම සරමක් තෑගි විදියට ලබන මනුස්සයටත් වෙනස් ඇත්දැකීමක් දේවි. ඒ දේත් ඒ අය ආසාවෙන් භාවිත කරාවි.

ඔබ තෑගි ගන්න අයගේ ඇඳුම්වල ප්‍රමාණයන් දන්නේ නැති නම් ඒ ඕන කෙනෙක්ට එයාගේ ප්‍රදේශයේ තියෙන සාප්පුවකින් වවුචර් පතක් අරන් දෙන්න පුළුවන්. එතකොට ඒ අයට අවශ්‍ය ජාතියේ ඇඳුමක් ගන්න ඒ අය පෙලඹේවි වගේම වෙනස්ම අත්දැකීමක් වේවි. දැන් සෑම සප්පුවකම පාහේ වවුචර්පත් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. තමන් සතු මුදල් ප්‍රමාණයන්ට ගැළපෙන පරිදි මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.

තෑගි දෙනකං බලාගෙන ආසාවෙන්ම ඉන්න ජාතියක් තමයි පොඩි අය. පොඩ්ඩො කැමැති නෑ ඔය ඇ¾දුම් කැඩුම්වලට. ඇත්තටම කතා පොත් අතිශය රසවත් වුණත් පොඩ්ඩො ගොඩක්ම ආසා කරන්නෙ සෙල්ලම් බඩුවලට. ඉතිං ඒ නිසා පොඩ්ඩෙකුට ඇ¾දුමක් දෙනවනං ඒ එක්ක නුවණ වැඩෙන්න වගේම කියවීමට හුරු වෙන්න පොතක් වගේම හිත සතුටු වෙන්න තෑග්ගකුත් දෙන්න මතක තියාගන්න. හැබැයි පොඩ්ඩොන්ට ඇ¾දුම් ගන්නකොට පරිස්සම් වෙන්න. අලුත් අවුරුද්දෙ තෑගි දෙනකොට පුදුම කරන්න ඕන නැති නිසා පොඩ්ඩගෙ ඇ¾දුම්වල සයිස් ඒ මවුපියන්ගෙන් අහලම තෑගි අරගන්න එක ලේසියක් වේවි.

අවුරුදු සමය කියන්නේ පාරිභෝගික ජනතාව අන්දවන කාලයක්. මොකද ගොඩක් අය විකුණුනේ නැති බඩු ටික සේල් කියල විකුණගන්න බලනවා. මිල ලකුණු කරපු බෝඩ් පවා වෙනස් කරලා පාරිභෝගික ජනතාව අන්දවන්න පුළුවන්. ඒ නිසා සේල්වලට යද්දි පරිස්සම්වෙන්න මතක තියා ගන්න ඕනි. කාගෙවත් අලෙවි උපක්‍රමවල ගොදුරක් නොවී සිටීමට මතක තබා ගන්න.

අවසාන වශයෙන් කියන්න තියෙන කාරණාව නම්, මේ කාලය තුළ හැමෝටම ආර්ථික අපහසුතා තියෙන කාලයක්. ඒ නිසා ඔබ සාප්පු සවාරියේ යද්දී ඔබේ මුදල් පසුම්බිය පරිස්සම් කර ගැනීම ඔබේ වගකීමක්. මොකද ගැට කපන්නන් සෑම තැනකම ගැවසෙන්න පුළුවන්. තව ඔයාලගේ රත්රන් බඩු පරිස්සම් කරගන්නත් මතක තියාගන්න ඕනි. තවද ඔයාගේ අතේ තියෙන මුදල් හෝ ක්‍රෙඩිට් කාඩ් පත්වල ශේෂයන් හිඳෙනකන් ශොපින් කරල අවුරුද්දෙන් පස්සේ ණය කාරයෙක් විදියට හූල්ලන්න නම් තියා ගන්න එපා.

ඒ නිසා මේ අවුරුදු සමය කල් තියා සැලසුම් කරල අරපිරිමැස්මෙන්, හැමෝම සතුටු කරවන්න මතක තියා ගන්න.

නුවන් බඹරැන්දගේ