අතාවුද සෙනෙවිරත්න කලුරිය කරයි

0
24

කුමුදු උපුල් ශාන්ත 

හිටපු අමාත්‍යවරයකු වන අතාවුද සෙනෙවිරත්න මහතා කොළඹ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (31දා) අලුයම  අභාවප්‍රාප්ත විය. 

රුවන්වැල්ල  නියෝජනය කරමින් 1989 වර්ෂයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඒ මහතා ලංකා සමසමාජ පක්ෂයේ හිටපු ජේ‍යෂ්ඨ සාමාජිකයෙකි. 

පසුව ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කර ඇති සෙනෙවිරත්න මහතා කම්කරු, තරුණ කටයුතු, ඛනිජ සම්පත් ඇතුළු අමාත්‍ය ධුර රැසක කටයුතු කර ඇති ජේ‍යෂ්ඨ දේශපාලනඥයෙකි. 

මියයන විට ඒ මහතා 91 වැනි වියෙහි පසු විය.