අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමව්…

0
33


වවුනියාව – එන්. ප්‍රියදර්ශනී

ජනතාව පීඩාවට පත් කරමින් ගෙන යන ආණ්ඩු පාලනය නවතා දමා පාලකයන් ඉවත්විය යුතු බවට ඉල්ලීම් කරමින් සිවිල් සංවිධාන නියෝජිතයෝ ඊයේ (31දා) වවුනියාව නගරයේදී විරෝධතාවක නිරත වූහ.

වර්තමාන පාලකයන් ශ්‍රී  ලංකාව ණය උගුලක පටලවමින් විදෙස් රටවලට මෙරට විකුණා දමන බවත් එය වහාම වැළැක්විය යුතු බවත් විරෝධතාකරුවෝ පැවැසූහ. වර්තමානයේදී ජනතාවට අත්‍යවශ්‍ය ආහාර පාන ඇතුළු භාණ්ඩ ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් අදාළ තත්ත්වය මත ජනතාවට සියදිවි නසා ගැනීමට සිදුවනු ඇති බවත් විරෝධතාකරුවෝ සඳහන් කළහ.

ගෑස්, විදුලි පේනු, ඉන්ධන, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන අදාළ භාණ්ඩවල මිල පාලනය කරන ලෙසට ඉල්ලා නගරයේ ගමන් කර විරෝධතාව දැක්වූ අතර මාක්ස්වාදී ලෙනින් පක්ෂයේ ක්‍රියාකාරීහු හා සිවිල් සංවිධාන නියෝජිතයෝ මෙයට එක්ව සිටියහ.

විරෝධතාකරුවන් ගෑස් සිලින්ඩර් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිස මත තබාගෙන විරෝධතාවයේ නිරත වූ අයුරු.