‘ළමා හිංසනයට තිත’ පදනමෙන් පාද යාත්‍රාවක් හෙට ගාල්ලෙන්

0
29

ළමා හිංසනයට තිත පදනම හා ළමා ආරක්ෂණ සන්ධානය ඒකාබද්ධව ළමා හිංසනවලට එරෙහිව සංවිධානය කරන පාද යාත්‍රාවක් ගාල්ලෙන් හෙට (1දා) උදේ 9.00ට ආරම්භ වේ.

ගාලු පාර ඔස්සේ පැමිණෙන පා ගමන පස්වරු 1.30ට බේරුවල වෙළෙඳපොළත් පස්වරු 4.00ට කළුතර ප්‍රධාන බස් නැවතුම්පොළත් පසුකරමින් පැමිණීමට නියමිතය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අනිද්දා (2දා) උදේ 9.00ට ආරම්භ කරන පා ගමන නිදහස් චතුරස්‍රය දක්වා පැමිණ සමාප්තියට පත්වේ.

සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, උමාරා සිංහවංශ, හරිත් විජේරත්න, ආදිත්‍යා වැලිවත්ත, ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්, නිරංජනී ෂන්මුගරාජා, අභිෂේකා ප්‍රනාන්දු හා ඔටාරා ගුණවර්ධන ස්වේච්ඡා තානාපතිවරුන් ලෙස පාද යාත්‍රාවට සහභාගි වෙති.

පසුගිය වසර හතහමාරේදී අපයෝජනයට ලක්කර මරා දැමුණු දරුවන් 12 දෙනකු සිහිකරමින් මිනී පෙට්ටි 12ක්ද මෙම පාද යාත්‍රාවේදී ගාල්ලේ සිට කොළඹට රැගෙන එන බව සංවිධායකයෝ පවසති.

සමාප්ති උත්සවයේදී දරුවන් 225 දෙනකු විසින් ‘225ම ඕන’ මැයෙන් අභියාචනයක් කිරීමට නියමිත අතර මහජන පෙත්සමකට අස්සන් ගැනීමක්ද සිදුවේ.

බිඟුන් මේනක ගමගේ