හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න දිවි ගමනට සමුදෙයි

0
45

හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (මාර්තු 31) අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි එතුමාගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කර ඇත.

කෑගල්ල මැතිවරණ බල ප්‍රදේශය නියෝජනය කරමින් 1989 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු අමාත්‍ය දූර කිහිපයක ම කටයුතු කළ අතර 2015 වර්ෂය වන තෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළේ ය.

1931 සැප්තැම්බර් 19 වන දින උපත ලැබූ අතාවුද සෙනෙවිරත්න මහතා මියයන විට 91 වන වියේ පසු විය.