සිසුවකු අපයෝජනය කිරීමේ සිද්ධියේ ගුරුවරියට ලක්ෂ 10ක ශරීර ඇප

0
13

හංසි නානායක්කාර

වසර හතරක් පුරා අවුරුදු දහසයක පාසල් සිසුවකු ලිංගික අපයෝජනයට යොදා ගත්තේ යැයි  කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ 34 හැවිරිදි ගුරුවරිය රුපියල් ලක්ෂ 10 ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය ඊයේ (30දා) නියෝග කළාය.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය වෙත වාර්තා කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය සැකකාරියට නියෝග කළාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කර සියලු විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත යොමු කරන ලෙස ළමා හා කාන්තා කාර්යාංශය වෙත නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය නීතිපති උපදෙස්වලින් අනතුරුව අධිකරණයෙන් නොතීසි ලද විට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සැකකාරියට නියම කළාය.

ඊයේ දින නීතිඥවරු මාර්ගයෙන් සැකකාර ගුරුවරිය අධිකරණය හමුවේ ඉදිරිපත් වූ අතර ළමා හා කාන්තා කාර්යාංශය විසින් අදාළ ගුරුවරිය මෙම නඩුවේ සැකකාරිය ලෙස නම් කරනු ලැබීය.