ශ්‍රී ලංකාව පළමු පිම්ම පනියි

0
12

මේ දිනවල බංග්ලාදේශයේදී පැවැත්වෙන ශාරීරික අභියෝගතා සහිතවූවන්ගේ සිවුකොන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී  ලංකා කණ්ඩායමට ඊයේ (30දා) හැකියාව ලැබිණි. 

ඒ අනුව නේපාල කණ්ඩායම සමගින් පැවැති මෙම තරගයෙන් ශ්‍රී  ලංකා පිලට ලකුණු 91ක ජයක් හිමි විය. කෙසේ වෙතත් මෙම තරගාවලියේ මෙයට පෙර පැවැති තරගවලදී ඉන්දීය සහ බංග්ලාදේශ කණ්ඩායම් හමුවේ ලද පරාජයන් හේතුවෙන් එහි අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී  ලංකාවට අහිමිව ගියේය. 

මෙම තරගයේ පළමුව ලකුණු රැස්කළ ශ්‍රී  ලංකා කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 6කට ලකුණු සංඛ්‍යාව 195ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක් දියත් කළ උදය කුමාර පන්දු 40කදී ලකුණු 63ක් රැස්කළ අතර සංජීව අරංගල්ල ලකුණු 38ක්, සුගත් ධම්මික ලකුණු 33ක් රැස්කමින් පිත්තෙන් දස්කම් දැක්විය. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම දියත් කළ නේපාල කණ්ඩායමට පන්දුවාර 19කදී කඩුලු 8කට රැස්කරගත හැකි වූයේ ලකුණු 104ක් පමණි.