‘වාරි සෞභාග්‍යා’ දෙවැනි අදියර ඇරැඹේ

0
30

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

‘වාරි සෞභාග්‍යා” වැව් අමුණු 5000ක් ප්‍රතිසංස්කරණ කිරීමේ දෙවැනි අදියරේ සමාරම්භක උත්සවය ඊයේ (30දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

කුරුණෑගල, නිකවැරටිය ආසනයේ කොබෙයිගනේ, මීගස්වැව ප්‍රදේශයේ ඇති මහ වැව් ප්‍රතිසංස්කරණ කටයුතු අග්‍රාමාත්‍යවරයා විසින් මාර්ගගත ක්‍රමයට ආරම්භ කෙරිණි. එම අවස්ථාවට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ සහ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නද එක්ව සිටියහ.

මීට සමගාමීව හිරියාල, මැද්දේකැටිය වැව, පොල්පිතිගම කන්ද ගොල්ලවැව, බැමිණිගල්ල මසරන්කෝට්ටේ වැව සහ ගිරිබාව නිකවැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අතර එම වැව් ඇතුළු වැව් අමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ දෙවැනි අදියර යටතේ රට පුරා වැව් 100ක ප්‍රතිසංස්කරණ කටයුතු ඒ යටතේ ආරම්භ කර තිබේ.