වනිඳු හසරංග IPL පිටියේ දිදුළයි

0
185

IPL තරගාවලියේ 6 වන තරගය කොල්කටා නයිට් රයිඩර්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම් අතර ඊයේ පැවැත්විණි.

එහිදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 128ක් රැස් කළේ ය.

එම කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව වූයේ, 25කි. එම ලකුණු රැස් කළේ, ඇන්ඩ්‍රි රසල් ය.

කොල්කටා ඉනිම සුණු විසුණු කිරීමට මුල් වූයේ, ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ය.

ඔහු පන්දු වාර 4කදී ලකුණු 20ක් පමණක් ලබා දී කඩුලු 4ක් බිඳ හෙළී ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 7කට ලකුණු 132ක් රැස් කරමින් තරගයේ ජය හිමි කර ගත්තේ ය.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග සම්මාන ලැබීය.