ලියුමක් ලියා සරසවි සිසුවා ගෙල වැලලාගෙන

0
20

මහනුවර – කේ.එල්. සුරවීර                         

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයකු පෙරේදා (29දා) රාත්‍රි ශිෂ්‍ය නේවාසිකාගාරයේදී ගෙල වැලලාගෙන සියදිවි හානි කොට ගෙන තිබේ.                                                                                                           

මෙසේ මරණයට පත්ව ඇත්තේ ඉන්ජිනේරු පීඨයේ සිවුවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි යූ.ජී.එස්. සසංක නමැති 25 හැවිරිදි ශිෂ්‍යයෙකි. එම ශිෂ්‍යයා නේවාසිකව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය  සේනක බිබිලේ නේවාසිකාගාරයේ ශාලාවක් තුළ මෙසේ සියදිවි හානි කරගෙන ඇති බව සඳහන් වන අතර, මට සමාවෙන්න. මේ පීඩනය මට තවදුරටත් දරාගන්න බෑ. මගේ මරණයට කිසිවෙක් වගකිව යුතු නෑ. යනුවෙන් සඳහන් කළ කොළ කැබැල්ලක් ද ශිෂ්‍යයා මිය ගිය ස්ථානයේ තිබී හමුවී ඇත.                                                                                                    

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත විජයකෝන් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.