ලංකාව ගොඩගන්න ඉන්දියාව ර්ණීඊ කරයි

0
20

තාරක සම්මාන්

බරපතළ ආර්ථික අර්බුදයෙන් මිදීමට උත්සාහ කරමින් සිටින ශ්‍රී ලංකාවට නිසි වේලාවට සහාය වීම ඉතා වැදගත් බැවින් ලබාදෙන සහාය කඩිනම් කිරීම සඳහා ඉන්දියාව අතිකාල වැඩ කරමින් සිටින බව එරට විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා පවසයි.

සිය තෙදින නිල සංචාරය අවසන් කර පෙරළා යෑමට පෙර ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඊයේ (30දා) ඔහු ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ අත්‍යවශ්‍ය  භාණ්ඩ ආනයනය සඳහා ශ්‍රී ලංකාවට ලබා දීමට පසුගිය දා එකඟ වූ අමෙරිකානු ඩොලර් බිලියන 1ක ඉන්දියානු ණය පහසුකම ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වනු ඇති බවය.

අපි ශ්‍රී ලංකාව අර්බුදයෙන් ගොඩගන්න සහාය වෙන්නේ දේශපාලනයෙන් බැහැරව බුද්ධිමත්, අසල්වැසියකු ලෙසයි.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඩොලර් මිලියන 400ක ඉන්දීය මහ බැංකු මුදල් හුවමාරුව, ඩොලර් මිලියන 500ක ණය නැවත පියවීම කල් දැමීම, ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500ක ණය පහසුකම සහ අමෙරිකානු ඩොලර් බිලියන ණය පහසුකම මෙම වසරේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් පහසුකම් අතර වන බවය.

“අපි මීට පෙර කිසිම රටක් වෙනුවෙන් මෙවැනි පියවරක් තැබූ බවට මට මතක නැහැ. ස්වාභාවික විපත් හෝ වසංගතවලදී අපි රටවල්වලට උදවු කර ගත්තා. නමුත් මේක වෙනස්. ශ්‍රී ලංකාවේ “අවශ්‍යතා වැඩි” බව පිළිගනිමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉන්දියාවේ පෞද්ගලික අංශයේ ආයෝජන ඇතුළු මෑත කාලීන ද්විපාර්ශ්වික ගිවිසුම් ශ්‍රී ලංකාවේ සමස්ත තත්ත්වය ශක්තිමත් කර ඇති බවය.