රාජස්තානයට ලකුණු 61ක ජයක්

0
14

පූනේහිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් පිල නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6කට රැස්කළ ලකුණු 210ට පිළිතුරු සැපැයූ හයිද්‍රාබාද් පිලට නියමිත පන්දුවාර 20 අවාසනේදී කඩුලු 7කට රැස්කරගත හැකි වූයේ ලකුණු 149ක් පමණි. 

මෙහිදී ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ පුහුණුකාරීත්වය යටතේ සුපිරි පන්දු යැවීමක නිරත වූ රාජස්ථාන් පිල වෙනුවෙන් යුෂ්වේන්ද්‍ර චහාල් කඩුලු 3ක් දවාගත් අතර, ට්‍රෙන්ට් බෝල්ට් සහ ප්‍රදේශ් ක්‍රිෂ්ණා කඩුලු 2 බැගින් බිඳහෙලීය. 

මෙම තරගයේ පළමුව ලකුණ­ රැස්කළ රාජස්ථාන් පිල වෙනුවෙන් නායක සංජු සැම්සන් වේගවත් ලකුණු 55ක් ලබාගත්තේය.