රන් පවුම ලක්ෂ 2ට යයි

0
18

අමිල අබේරත්න

කැරට් 24 රන් පවුමක විකුණුම් මිල රුපියල් ලක්ෂ 2ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ නිෂ්පාදකයන් ඇතුළුව මෙරට ප්‍රමුඛපෙළේ රන් භාණ්ඩ නිෂ්පාදකයෝ ප්‍රකාශ කරති. 

මේ වනවිට වෙළෙඳපොළ රත්රන් හිඟය උග්‍රවී ඇති බවද එම හේතුව මත රන් මිල මෙසේ ඉහළ ගොස් ඇති බවද ඔවුහු පෙන්වා දෙති. 

පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරිලන පරිදි රන් භාණ්ඩ සැපයීමට තරම් ප්‍රමාණවත් රත්රන් නිෂ්පාදකයන් සතුව නොමැති බවද ස්වර්ණාභරණ නිෂ්පාදකයෝ සඳහන් කරති.

කොළඹ හෙට්ටිවීදියේ ඊයේ (30දා) කැරට් 22 රන් පවුමක විකුණුම් මිල රුපියල් 185,000ක් ලෙස සටහන් විය. 

රන් මිල ඉදිරියේදී ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවද රන් නිෂ්පාදකයෝ වැඩිදුරටත් ප්‍රකාශ කරති.