යොවුන් තේරීම් සම්බන්ධීකරණ කමිටුවේ කාලය තවත් දීර්ඝ වෙයි

0
20

ශ්‍රී  ලංකා යොවුන් ක්‍රිකට් තේරීම් සම්බන්ධීකරණ කමිටු සාමාජිකයින්ගේ නිල කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව පසුගිය වසර කිහිපය තුළ දක්ෂ යොවුන් ක්‍රීඩකයින් හඳුනා ගැනීමත් ඔවුන් ජාතික තළයට හඳුන්වාදීමේදීත් මෙම කමිටුව සිදු කළ අගනා සේවය හේතුවෙන් මෙසේ තවත් වසරක කාලයක් සඳහා මෙම කමිටුවේ කාලය දීර්ඝ ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් මෙයට පෙර එහි සාමාජිකයකු ලෙස කටයුකු කළ ගජබා පිටිගල මහතා මෙවර යොවුන් තේරීම් කමිටුව සඳහා එක්කර නොමැති බවද දැනගන්නට ඇත.