පවුල් සෞඛ්‍ය සභාපතිනිය මාරාන්තික උපවාසයක් අරඹයි

0
17

මහනුවර – කේ.එල්. සුරවීර

පවුල් සෞඛ්‍ය සේවිකා අධි ශේ්‍රණියේ පත්වීම් අහෝසි කිරීමට එරෙහිව අද (31දා) සිට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපස මාරාන්තික අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරන බව ශ්‍රී  ලංකා පවුල් සෞඛ්‍ය සේවිකා නිලධාරිනි සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පැවැසුවාය.

පවුල් සෞඛ්‍ය සේවිකා නිලධාරිනි සේවා ව්‍යවස්ථාවට අනුව තෙවැනි ශේ‍ර්ණියේ නිලධාරිනියක වශයෙන් සේවයට එක්වී දෙවැනි ශේ‍ර්ණියේ, අධි ශේ්‍රණියේ හා විශේෂ ශේ‍ර්ණිය වශයෙන් තම සේවා කාලය අනුව උසස්වීම් ලැබීම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි සේවයේ සාමාන්‍ය සේවා පටිපාටිය බව කොඩිතුවක්කු මහත්මිය මාධ්‍ය හමුවකදී ඊයේ (30දා) පැවැසුවාය.

එබැවින් වසර 30කට අධික සේවා කාලයක් සපුරා ඇති නිලධාරිනියන් 05 දෙනකු 21.03.2023 දින සිට විශේෂ ශේ්‍රණියට උසස් වීම් කළද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ බලපෑම මත සෞඛ්‍ය ලේකම්වරයා මේ වන විට එම තනතුරු අහෝසි කිරීමට පියවර ගෙන තිබේ.

එබැවින් ඊට දැඩි විරෝධය අද (31දා) පෙරවරු නවයේ සිට අමාත්‍යාංශයේ ඉදිරිපිට අඛණ්ඩ මාරාන්තික උපවාසයක තමන් නිරත වන බවත් ඊට අමතරව දිවයින පුරා සේවයට අනුයුක්ත වන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 11,800ක් සේවයෙන් බැහැර වන බවත් ඇය සඳහන් කළාය.

මෙම තත්ත්වය මත උපවාසයේ නිරත පවුල් සෞඛ්‍ය සේවක සේවිකාවක් ගර්භණී මවක් හෝ දරුවකු මරණයට පත් වුවහොත් වගකීම මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හා සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු රජය දැරිය යුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.