දිමුත්ට එංගලන්තයෙන් ආරාධනයක්

0
22

කෙසේ වෙතත් එහිදී එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී යෝක්ෂයර් කණ්ඩායම වෙනුවෙන් තරග 4කට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති දිමුත් ඉන් අනතුරුව නැවතත් මැයි මාසයේදී බංග්ලාදේශයේ සංචාරයක නිරත වන ශ්‍රී  ලංකා කණ්ඩායම සමඟින් එක්වීමට නියමිතව ඇති බවද දැක්වේ. එමෙන්ම ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට අදාළ තරග 2කින් යුත් බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරය නිමා කිරීමෙන් අනතුරුව ශ්‍රී  ලංකා ටෙස්ට් නායකයා නැවතත් යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟින් එක්වීමට නියමිතව ඇති බවද දැක්වේ. 

එහිදී අප්‍රේල් මස 14 වැනිදා සිට 17 වැනිදා දක්වා ග්ලොස්ටෂයර් කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරගයට සහ 21 වැනිදා සිට 24 වැනිදා දක්වා නෝත්හැම්ෂයර් කණ්ඩායම සමඟින් තරගයට දිමුත් සහභාගි වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව යෝක්ෂයර් කණ්ඩායම අප්‍රේල් මස 28 වැනිදා සිට මැයි 1 වැනිදා දක්වා කෙන්ට් කණ්ඩායම සමඟින් තරග වැදීමට නියමිතව ඇත. අනතුරුව මැයි මස 5 වැනිදා සිට 8 වැනිදා දක්වා එසෙක්ස් කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත. 

මේ අතර වත්මන් එංගලන්ත ටෙස්ට් පිලේ නායක ජෝ රූට් ද මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී දිමුත් නියෝජනය කරන යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කිරීමද විශේෂත්වයකි. 

වර්තමානයේ ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් ශේ‍ර්ණිගත කිරීමේ සටහනේ ශේ‍ර්ණිගත ලකුණු 781කට හිමිකම් කියමින් දිමුත් කරුණාරත්න 6 වැනි ස්ථානයේ පසුවෙයි. 

මේ අතර පසුගියදා තම ජාත්‍යන්තර දිවියට සමුදුන් වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ද දෙවරසක කාලයක් සඳහා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟින් එක්වීමද කැපී පෙනිණි.