කොළඹ සරසවිය අභ්‍යවකාශයට යයි

0
32

නිර්මාණි ගුණරත්න 

ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය විසින් අලුතින් සොයා ගන්නා ලද ග්‍රහකයක් (ඒඵබඥපධඪඤ) ‘කොළඹ විශ්වවිද්‍යාලය’ නමින් නම් තැබීමට තීරණය කර ඇත. 

අලුතෙන් සොයා ගන්නා ලද ග්‍රහකයක් නම් කිරීම දැඩි මාර්ගෝපදේශ යටතේ සිදු වන්නක් වන අතර ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය එම මාර්ගෝපදේශවලට අනුකූලව මෙය “Colombounilanka” යනුවෙන් නම් කර ඇත. 

කොළඹ විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන ආචාර්ය නලින් සමරසිංහ හා තාරකා විද්‍යාඥ ටොඩ් ලෝයර් යන දෙපළ මෙම ග්‍රහකය 2000 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ කිට් පීක් ජාතික නිරීක්ෂණ මධ්‍යස්ථානයේ දී මුල්වරට සොයා ගෙන තිබේ. 

එම ග්‍රහකයේ කක්ෂය නිසියාකාරව හ¾දුනා ගැනීමෙන් පසු එය සොයාගත් විද්‍යාඥයන් කණ්ඩායම නිල වශයෙන් පිළිගැනීමට ලක් කර ඇත.

මෙය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තාරකා විද්‍යාඥයකුට තමන් විසින් සොයා ගන්නා ලද ග්‍රහකයක් නම් කිරීම සඳහා ලද පළමු අවස්ථාව වශයෙන් සැලකේ. 

“ලෝකයේ විශ්වවිද්‍යාල” වෙනුවෙන් නම් කර ඇති ග්‍රහක පවතින්නේ ඉතා අඩු ප්‍රමාණයක් වන හෙයින් ඒ අතරට කොළඹ විශ්වවිද්‍යාලයද  අයත් වීම සුවිශේෂී කරුණක් වේ. 

මෙම ග්‍රහකය කිලෝමීටර් එකත් දෙකත් අතර ප්‍රමාණයෙන් යුත් සෞරග්‍රහ මණ්ඩලයේ මධ්‍ය කලාපයේ පවතී. 

මෙම ග්‍රහකය ඉතා තියුණු දුරදර්ශකයක් මඟින් නිරීක්ෂණය කළ හැකිය.  මෑතකදී විද්‍යා හා මානව ශාස්ත්‍ර අධ්‍යාපනයෙහි ශත සංවත්සර උළෙල සැමරූ කොළඹ විශ්වවිද්‍යාලය මඟින් උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රය අලළා සිදුකරන ලද දැවැන්ත මෙහෙවරට ගෞරවයක් වශයෙන් මෙම “Colombounilanka” ග්‍රහකය නම් කිරීමට තීරණය කළ බව ආචාර්ය නලීන් සමරසිංහ පවසා ඇත.