කොළඹ ශාන්ත ජෝශප්, දි මැසිනෝද් සහ මහානාම අවසන් පූර්ව වටයට

0
15

ඉෂාන් රශ්මිත

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ටියර් ‘ඒ’ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පසුගිය වර ශූර කොළඹ ශාන්ත ජෝශප්, ක¼දාන දි මැසිනෝද් සහ කොළඹ මහානාම යන කණ්ඩායම් සමත්වූහ.

ශාන්ත ජෝශප් විද්‍යාලය මේ දක්වා අපරාජිතව පසුවෙමින් අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ වෙස්ලි විද්‍යාලය කඩුලු 6කින් පැරදවීය. තවත් අර්ධ අවසන් පූර්ව තරගයකදී මහානාම විද්‍යාලය, ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය කඩුලු 7කින් පැරදවීය. තවත් තරගයකදී මේ දක්වා  අපරාජිකව පසුවූ කොළඹ නාලන්දා විද්‍යාලය කඩුලු 8කින් පැරදවීමට ක¼දාන දි මැසිනෝද් විද්‍යාලය සමත්විය.

මේ අතර පළමු කොටසේ ටියර් ‘බී’ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත්විය. එමෙන්ම දෙවැනි කොටසේ ටියර් ‘ඒ’ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පසුගිය වර ශූර පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කටුනේරිය ශාන්ත සෙබස්තියන් යන කණ්ඩායම් සමත්වූහ.

කොළඹ ශාන්ත ජෝශප් – කොළඹ වෙස්ලි 

වෙස්ලි: 167 (චමත් ගෝමස් 30, ෂාහීල් ඩයස් 29, ෂෙවොන් ඩැනියෙල් 25/4, දුනිත් වෙල්ලාලගේ 37/4) 

ශාන්ත ජොශප්: 172/4 (ෂෙවොන් ඩැනියෙල් නොදැවී 85, සදීෂ් ජයවර්ධන 33, මතීෂ කපුරුබණ්ඩාර 28) 

ශාන්ත ජෝශප් විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

කොළඹ මහානාම – කොටහේන ශාන්ත බෙනඩික්ට් 

ශාන්ත බෙනඩික්ට්: 94 (යොහාන් සොයිසා 31, කූජන පෙරේරා 18/5, ඔමේෂ් උදාර 19/3) 

මහානාම: 98/3 (කූජන පෙරේර නොදැවී 47, විරංග යෙෂාන් 22) 

මහානාම විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

කඳාන දි මැසිනෝද් – කොළඹ නාලන්දා 

නාලන්දා: 120 (සජිත විතානගේ 33, ශෙනාෂ් ප්‍රනාන්දු 22/4) 

මැසිනෝද්: 121/2 (රුවීන් ෆොන්සේකා 51 මිතුල් සෙනරත් නොදැවී 41) 

මැසිනෝද් විද්‍යාලයට කඩුලු 8ක ජයක්.

පළමු කොටසේ ටියර් ‘බී’ එක්දින ක්‍රිකට් තරගාවලිය 

කොළඹ තර්ස්ටන් – කොළඹ ලුම්බිණි 

ලුම්බිණි: 228 (තේනුක දේවප්‍රිය 59, උපුල් හෙට්ටිආරච්චි 50, සහන් කෞශල්‍ය 25/4, මලිත් කවිඳු 33/3) 

ලුම්බිණි: 158/5 (සහන් කෞශල්‍ය නොදැවී 38, නබීල් රාජුඩීන් 34) 

 තර්ස්ටන් විද්‍යාලයට ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 10ක ජයක්.

දෙවැනි කොටසේ ටියර් ‘ඒ’ එක්දින ක්‍රිකට් තරගාවලිය 

කටුනේරිය ශාන්ත සෙබස්තියන් _ මහනුවර විද්‍යාර්ථ 

සෙබස්තියන්: 127 (සෙනුර දිමාල් 29, ආදිත්‍ය බණ්ඩාර 14/4) 

විද්‍යාර්ථ: 117 (අනුජ නිසල් 60, නිමේෂ් මධුසංක 27/3) 

ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 10ක ජයක්.

පානදුර ශ්‍රී සුමංගල _ යාපනය ශාන්ත ජෝන් 

ශාන්ත ජෝන්: 62 (ඇන්ටන් අභිෂේක් 27, මන්මිත දල්රාන් 17/4, විශ්ව ළහිරු 16/3, රසික ඩිල්ෂාන් 18/3) 

ශ්‍රී සුමංගල: 63/4  (කිරුපනාන්දන් කජකරන් 16/3) 

ශ්‍රී සුමංගල විද්‍යාලයට කඩුලු 6ක ජයක්. 

ඡායාරූපය _ කැළුම් චාමර