කොවිඩ් ගැසට්ටුවට එරෙහි පෙත්සම ඉවතට

    0
    28

    කමල් මහේන්ද්‍ර වීරරත්න

    කොවිඩ් එන්නත් මාත්‍රා 3ම ලබා නොගත් අයකුට පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කරමින්  සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමකින් තොරව ඉවත දැමීමට ඊයේ (30දා) ශේ‍ර්ෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කළේය.

    විවෘත විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය හේමසිරි ජයතිලක, ඇතුළු වෘත්තිකයන් පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

    මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.