‘එඩින්බරෝ’ විවෘත යුගල හා කනිෂ්ඨ ස්කොෂ් තරගාවලිය ඇරැඹේ

0
17

ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය විසින් සංවිධානය කරනු ලබන එඩින්බරෝ විවෘත යුගල හා කනිෂ්ඨ ස්කොෂ් තරගාවලිය පසුගියදා මත්තේගොඩ යුද හමුදා හා එස්.එස්.සී. ස්කොෂ් ක්‍රීඩාංගණවලදී ආරම්භ විය. 

ඒ අනුව අප්‍රේල් 3 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී අවුරුදු 9න්, 11න්, 13න්, 15න්, 17න් සහ 19න් පහළ යන වයස් කාණ්ඩය යටතේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් එක්වීමට නියමිතව ඇති අතර, එඩින්බරෝ පුද්ගලික සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

මේ පිළිබඳව පසුගියදා පැවැති මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ සභාපති සුරේන් කොහොඹන්ගේ, එඩින්බරෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ සල්මි යන මහත්වරුන්ද එක්ව සිටියහ.