ඉන්දියාවේ පාසල් සිසුවෙක් ලංකාවට පීනයි

0
16

වවුනියාව – රසාදි චතුරංගි ගමගේ 

ඉන්දියාවේ තේනි ප්‍රදේශයේ වයස අවුරුදු 14ක පාසල් සිසුවකු  පෝක් සමුද්‍ර සන්ධිය ඔස්සේ ධනුස්කොඩියේ සිට තලෙයිමන්නාරම දක්වා වූ දුර ප්‍රමාණය  පැය 19යි විනාඩි 45ක කාලයක් තුළ  පීනා ගොස් (29දා) නව ලෝක වාර්තාවක් තබා ඇත. නිතිරාජන් සිනේගන් නමැති මෙම පාසල් සිසුවා මීට පෙර ඉන්දියාවේ පැවැති පිහිනුම් තරග ගණනාවකින්ම ජයග්‍රහණය හිමි කරගෙන ඇති අතර 2019 වසරේදී ගෝවේ ප්‍රදේශයේ පවත්වන ලද පිහිනුම් තරගාවලියකින් රන් පදක්කම හිමි කරගෙන තිබේ.

ශ්‍රී  ලංකාවේ හා ඉන්දියාවේ විශේෂ අවසරයක් මත මෙම  සිසුවා පිහිනීමේ තරගයට සහභාගී වු අතර ඊට ඉන්දීය නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවද ශ්‍රී   ලංකාවේ නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවද පූර්ණ සහයෝගය ලබාදී තිබේ.