ඉන්දියානු ණය යෝජනා ක්‍රමයෙන් ශ්‍රී ලංකා පොලිසියට ජීප් රථ 750ක්

    0
    38

    කීර්ති මෙන්ඩිස්, තරිඳු නානායක්කාර 

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමයක් යටතේ ශ්‍රී ලංකා පොලිසියට ජීප් රථ 750ක් ලබාදීමේ අවබෝධතා ගිවිසුමක් ඊයේ (30දා) මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේදී අස්සන්  කෙරිණි. 

    එහි මුළු වටිනාකම රුපියල් බිලියන දෙකයි දශම පහක් වන අතර අදියර තුනක් යටතේ ජීප් රථ ලගබාදීම මෙමඟින් සිදුවේ. 

    ඒ අනුව අගෝස්තු මස අවසානයට පෙර ජීප් රථ 250ක්ද සැප්තැම්බර් මස අවසානයට පෙර තවත් ජීප් රථ 150ක්ද, 2023 වසරේ මාර්තු අවසානයට පෙර අනෙක් ජීප් රථ 250ක්ද වශයෙන් ජීප් රථ 750ක්ද මෙම ගිවිසුම මඟින් ලැබීමට නියමිතය. 

    ශ්‍රී ලංකා පොලිසිය මඟින් මහජනතාවට සපයන සේවාව කඩිනම් කිරීමේ අරමුණින් අස්සන් කර ඇති මෙම ගිවිසුම මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් හා මහේන්ද්‍රා සහ මහේන්ද්‍රා ආයතනයේ උප සභාපති ජොයිඩිප් මොයිට්‍රා යන මහත්වරු අස්සන් කර හුවමාරු කරගෙන ඇත. 

    මෙම අවස්ථාවට මහජන ආරක්‍ෂක ඇමැති සරත් වීරසේකර සහ පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු නිලධාරීහූ පිරිසක් සහභාගි වූහ.